*


එක්සිත් තත්ත්ව කව ව්‍යාපෘති


2018 ........... දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

එක්සිත්  කවය  කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව

හඳුනා ගත් ගැටළුව 01

වාර්ෂික ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම දී වැය වන කාලය අධික වීම හා බදාදා දින වල දැඩි මහජන තදබදයක් ඇති වීම.

යෝජිත විසඳුම 01

සම්පූර්ණ කරන ලද අයදුම්පත අදාල කාර්යාල වෙත ලැබිය යුතු අවසාන දිනයන් අයදුම්පතෙහි සටහන් කිරීම. බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රා.ලේ.කා. 22 සතියේ දින 05ට බෙදා වෙන් කිරීම.

හඳුනා ගත් ගැටළුව 02

i    නිල නිවාස කොපමන ඇත්දඒවා පරිහරනය කරන  ආකාරය කුමක්දකුලී අය වන ආකාරය කෙසේද යන්න පිළිබඳව නිෂ්චිත මිනුමක් නොතිබීම.
ii  භාවිතා කරමින් තිබු පොරොන්තු ලේඛනය අනුව ප්‍රමුඛතාවය ලබා ගැනීමට ප්‍රමාණවත් පරිදි තොරතුරු ඇතුලත් කර නොතිබිම.
iii විෂය ගොනු ලේඛනයක් හා  නිල නිවාස ලේඛණයක් නොතිබීම.

යෝජිත විසඳුම 02.

i      වැඩ පියවර සකස් කිරීම.
ii    නිල නිවාස නාමලේඛනය  සකස් කිරීම.
iii   අවශ්‍ය දත්ත ඇතුලත් කර පොරොත්තු ලේඛනය සකස් කිරීම.

හඳුනා ගත් ගැටළුව 03

ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කරනු ලබන ඉඩම් ගැටලු කෙරෙහි නිසි අවධානයක් යොමු නොවන අතර ඒ පිළිබද ප්‍රතිචාරයක් අප වෙත හෝ අදාල ගැටලු හිමියා වෙත යොමු නොකිරීම.

යෝජිත විසඳුම 03

මේ පිළිබඳ වගවිය යුතු අයගේ අවධානය යොමු කිරීම සහ වැඩ ප්‍රමාද වීම පිළිබඳ පසුතැවිල්ලක් ඇති කිරීම. ඔවුන්ගේ අතපසු වීම පිළීබඳව සිහියට නැංවීම.


මෙම විසඳුම්  03 පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.



හඳුනා ගත් ගැටළුව 04

දුම්රිය බිල්පත් නිකුත් කිරීමේදී බලපත්‍රයේ තැබිය යුතු දෙපාර්තමේන්තු සංකේත මුද්‍රා අධික ප්‍රමාණයක් භාවිතා කිරීමට සිදුවීම.


යෝජිත විසඳුම 04.

මුද්‍රා 38 ක් වෙනුවට සියළුම අංක මාරු කරමින් සටහන් කළ හැකි එක් මුද්‍රාවක් භාවිතා කිරීම

මෙම විසඳුම්  පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.