*


තියුණු ඵලදායීතා කවය - මිනිස් බල හා රැකීරක්ෂා කාර්යාලය, අනුරාධපුර.

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවට අයත් මිනිස් බල හා රැකීරක්ෂා කාර්යාලය දිස්ත්‍රික් ලේකම් යටතේ පවතින දිස්ත්‍රික් කාර්යාලයකි. එම කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති ඵලදායිතා කවය "තියුණු ඵලදායීතා කවය" ලෙස නම් කොට ඇත. කව සංයුතිය පහත පරිදි වේ.


කව නායක - එච්ච.කේ.කේ.ඒ.සී.දයාරත්න මයා.

කව ලේකම් - අනෝමා උදයංගනී බන්දුලසේන

සෙසු සාමාජිකයින්

ඩී.එම්.ජී.විජිතා පද්මාවතී මිය

එච්.ඊ.වසන්ත විජේසිංහ මයා


ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  2020/10/12 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.

හඳුනා ගත් ගැටළුව

මාසයකට ලියාපදිංචි රැකියා අපේක්ෂිතයන් 300 දෙනෙකුට රැකියා හා පුහුණු තොරතුරු කඩිනමින් ලබා දීමට සිදුවීම.

 

ගැටළුව ඇතිවීමට හේතු

 

1.  රැකියා අපේක්ෂිතයින් සදහා දුරකථන ඇමතුම් ලබා ගන්නා අවස්ථාවේ,             

                        කාර්යබහුල බව

                        ගමනක යෙදෙන විට

                        දුරකථන මාර්ග අවහිරතා

                        දුරකථන ඇමතුම් ලබා ගැනීමට යන කාලය

2.  ලිපි යැවීම    

            ලිපි යැවීම සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය හා දින තුනක් පමණ කාලයක් පණිවිඩ ලබා දීමට ගතවීම.


හඳුනා ගත් විසඳුම

 දුරකථන කෙටි පණුවිඩ මගින් අවශ්‍ය තොරතුරු රැකියා අපේක්ෂිකයින් වෙත ලබා දීම.

ළඟා කර ගත් ප්‍රතිඵලය

01. කාලය ඉතිරිවීම - රැකියා අපේක්ෂිකයින් 300 දෙනෙකු සඳහා ගත වන කාලය  පෙර දින 03 ක් වුවත්, වර්ථමානයේ එම කාලය විනාඩි 30 කි.

 02. වියදම අඩුවීම - රැකියා අපේක්ෂිකයින් 300 දෙනෙකු සඳහා ලිපියක් යැවීමට  පෙර රු.11,400.00 වැය වුවත් , වර්ථමානයේ එම විමදම රු.99.00 කි.

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  2020/10/12  දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර තියුණු කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.


33