*


අද 2018 ඔක්තෝබර් 03 වෙනි දා

අද 2018 ඔක්තෝබර් 03 වෙනි දා ... දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපට අද විශේෂ දිනයක්, හැමෝගෙම මුහුණුවළ උනන්දුවක් වගේ ම බලාපොරොත්තුවකුත් තියෙනවා .... අද දිනයේ විශේෂත්වය තමයි , ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විනිශ්චයට අද අප මුහුණදීම, එහි ආරම්භක අවස්ථාවට අදාල ඡායාරූප කීපයකට යොමු වෙමු.
දිසාපතිතුමාගේ ඇරයුමින් අතිරේක දිසාපති (ඉඩම් ) කීර්ති ගමගේ මහතා  අනුරාධපුර ඓතිහාසික වැදගත්කම හා අප ආ ගමන් මග පැහැදිලි කළ අතර එම අවස්තාවේ ඡයාරූප කීපයකට යොමු වෙමු.

වෙනදා දහවල් 12.30 ට තියෙන කව ව්‍යාපෘති වැඩමුළුවත් පෙ.ව.09.30 ට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විද්වත් සභාවේ විනිශ්චය සඳහා ........... අද කව ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරන්නේ  ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ශක්ති තත්ත්ව කවය, අපි ඒ සඳහා යොමු වෙමු.
හඳුනා ගත් ගැටළුව

හිමිකම් පිඹුර ඔප්පු පිටපත් නිකුත් කිරිමට වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් යෙදවිමට සිදුවිම හා මෙම ඔප්පු නව ලියාපදිංචිය සඳහා නැවත නැවත ලබාදිමට සිදුවීම.
හඳුනා ගත් විසඳුම
Microsoft Excel මෘදු කාංගය භාවිතා කර විස්තර පරිගණක ගත කිරිම.
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත


පස්වරුවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විද්වත් මංඩලය විසින් අපේ කාර්යාලයේ සෑම අංශයක් ම තියුණු පරීක්ෂාවකට ලක් කල අතර, එම අවස්ථාවන්ට අදාල ඡයාරූප පෙළ ගැස්ම.



ප්‍රමිත තත්ත්ව කව ව්‍යාපෘති 2


2018.10.01  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

ප්‍රමිත ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව
වාර්තා සැකසීමේ දී පවතින ගැටළු නිරාකරණය කර ගැනීම

හඳුනා ගත් විසඳුම
WEBBASE APPLICATION
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.