*


අරුණළු කවය -සමෘද්ධි අංශය

 දැක්ම

“  වසර 2030 වන විට  දුගි බවින් තොර සවිබල ගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම.

මෙහෙවර

 ආන්තිකරනයට පත් ජනතාව සවිබල ගැන්වීම ( ආර්ථික, සමාජිය, භෞතික, මානසික තීරණ ගැනිම, නෛතික හා පාරිසරික  හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරිම සදහා කාර්යක්ෂම, සපලදායි වේගවත් හා ඵලදායි විසදුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවිම සදහා දෙපාර්තමේන්තුව, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික ජනතාව සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලිය ආයතන වල ද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම තුලින් ආර්ථික සංවර්ධනයට දායක විම.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය දිස්ත්‍රික් ලේකම් යටතේ පවතින දිස්ත්‍රික් කාර්යාලයකි. එම කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා ඵලදායිතා කව 2 ක් පිහිටුවා ඇති  අතර, "අරුණළු ඵලදායිතා කවය" ඉන් එකකි. එහි සංයුතිය පහත පරිදි වේ.

කව නායක- කේ.සුජාතා කුමාරි හේරත්  මිය  කව ලේකම්- එම්.එන්.දිල්රුක්ෂි මිය

සෙසු සාමාජිකයින් : කේ.පි.ඥාණදාස, එස්.ඩබ්.පී.වත්තේගෙදර, බී.එම්.පී.කුමාර, මනෝරි හේවාමානගේ, එස්.ඩබ්.සමරනායක, ඊ.එම්.පී.ඒකනායක, කේ.එම්.සී.පී.බණ්ඩාර, පී.කේ.කුමාරි, මහින්ද ජාගොඩ, එන්.ඩබ්.ඒ.ඒ.සරෝජනී, ඒ.එම්.ගයාන් මුදියන්සේ, එච්.ඒ.වී. ද සිල්වා, ආර්.ඩී.ඩබ්.ටී.කේ.කුමාරි, අයි.ජි.එන්.කේ.ඉහළගෙදර, යූ.ජි.සුමිත්‍රානෝනා, සි.ඩබ්.දිසානායක, ඩබ්.ඒ.චමිලා ප්‍රියදර්ශනී, ඒ.සෝමදාස හා අනුර නිශාන්ත.

ඵලදායිතා කව රැස්විමකදි මේදිනවල රටපුරා පවතින කොවිඩ් 19 වසංගත තත්වයෙන්  අප කාර්යාලයට පැමිණෙන්නා වූ බාහිරසේවාලාභීන් ගේ හා කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින්ගේ ආරක්ෂාව හා සේවා තෘප්තිය ඇතිකරමින් නිළධාරින්ගේ සෞඛ්‍යාරක්ෂාව රැකගැනීම පිළිබද ක්‍රමවේදයක් සැකසීම සදහා  2020/10/16 දින පැවති කව  රැස්වීමේ දී යෝජනා විය.

 යෝජනාව

1. කාර්යාලය තුලට පිවිසෙන ඉදිරිපස දොරටුව අභියස ආවරණය කරන ලද කුටියක් සකසා කාර්යාලය තුලට පැමිණෙන සියළුම සේවාලාභින් ලියාපදිංචි කර, දෑත් විෂබීජ හරණය කොට, මුව ආවරණ සහිතව කාර්යාලය තුලට ඇතුල් කර ගැනීම .

2. එමෙන්ම කාර්යාලය තුලට පිටුපස දොරෙන් පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම වැලැක්වීමට පියවර ගැනීම 

විසඳුම.

1. කාර්යාලය තුලට පිවිසෙන ඉදිරිපස දොරටුව අභියස ආවරණය කරන ලද කුටියක් සැකසීම ,

2. කාර්යාලය තුලට පැමිණෙන සියළුම සේවාලාභින් ලියාපදිංචි කර, දෑත් විෂබීජ හරණය කොට, මුව ආවරණ සහිතව කාර්යාලය තුලට ඇතුල් කරවීම. සදහා කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් දිනකට දෙදෙනෙකු වශයෙන්( උදය / හවස)  දෛනික රාජකාරියේ යෙදවීම.

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.

ඒ අනුව හදුනා ගත් ගැටළු

ආයතන ප්‍රධානියා කාර්යාලය තුල නොමැති අවස්ථාවලදි, ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ලබා ගැනිමට නොහැකිවීමෙන්, හදිසි සහ අත්‍යවශ්‍ය ලිපි අදාල ස්ථානයට යොමු කිරිමට ප්‍රමාද වීම.

යෝජනාව

“ Google Docs ඇප් එක භාවිතා කර , පරිගණකය හා අන්තර්ජාලය පමණක් භාවිතා කර , රාජකාරී ලිපි සෑදීම , පරීක්ෂා කිරිම , සංශෝධනය කිරීම් , අනුමත කර අත්සන් කිරීම සහ අදාල ස්ථානයට ලිපි යොමු කිරීමේ ක්‍රම වේදයක් සැකසීම. 

මෙම ක්‍රියාවලිය තුලින් අත්වන වාසී. 

ඉහල කාර්යක්ෂමතාවය, පිරිවැය අඩුවීම, කාලය ඉතිරි විම, කාර්යාලය තුල අනවශ්‍ය ලෙස ලිපිගොණු එක්රැස් නොවීම, පරිසර හානිය අවම වීම, නවීන තාක්ෂණය සමග කටයුතු කිරිමට සේවකයන් නැඹුරු විම, සේවාලාභී තෘප්තිය, මානසික පිඩනය අවම විම හා විෂයභාර නිළධාරියාට ලැබෙන ආත්ම තෘප්තිය 

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර  අරුණළු කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.