ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් හොරොව්පොතාන අඹගහවැව රජමහා විහාරයට වැඩමවයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ නමක් අද ( 2019 ජනවාරී 09 ) උදෑසන හොරොව්පොතාන අඹගහවැව පුරාණ රජ මහා විහාරයට වැඩම වීය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මෙම පුන්‍ය කාර්යය සිදුකෙරිණි. අඹගහවැව රජමහා විහාරයේ විහාරාධිපති හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක, අඹගහවැව ඉන්ද්‍රජෝති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ශ්‍රී මහා බෝධී අංකුර වහන්සේ  අඹගහවැව විහාරස්ථානයට පූජා කෙරිණි. අනුරාධපුර මහා දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.මෙම අවස්ථාවේ ඡයාරූප පෙළ ගැස්ම පහතින් දක්වා ඇත.


ත්‍රස්ත තර්ජන වලට පවා නිරන්තර මුහුණ දෙමින් පුරාණ විහාරය ආරක්ෂා කිරීමට වෙහෙස වූ අඹගහවැව ජනතාව මෙම ශ්‍රී මහා බෝධි අංකුර වහන්ස  වැඩමවීම පිළිබදව ඉමහත් ප්‍රසාදයකින් පසුවේ. මීට වසරකට පෙර සංවර්ධනය කිරීමට ආරම්භ කළ අඹගහවැව විහාරස්ථානයේ චෛත්‍යය ද අලුත් වැඩියා කෙරෙමින් පවතී. දිසාපතිතුමාගේ සම්බන්ධීකරණයෙන් එම අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. 

ෂෙල්ටන් බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරි, අනුරාධපුරය.


















ෂෙල්ටන් බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරි, අනුරාධපුරය.

2019 ජනවාරි 05 උදෑසන දානමය පින්කම

2019 ජනවාරි 04 දින සර්වරාත්‍රික පිරිත් පිංකමට පසු දින උදෑසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පැවති දානමය පින්කමෙහි ඡායාරූප පෙළ ගැස්ම.........













ඡයාරූප අනුග්‍රහය - ෂෙල්ටන් බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරි, අනුරාධපුරය.

2019 වසර ආරම්භයේ පිරිත් පින්කම

2019 ජනවාරී 04 දින  පැවති සර්වරාත්‍රික පිරිත් පින්කමෙහි ඡායාරූප පෙළ ගැස්ම...........







ඡයාරූප අනුග්‍රහය - ෂෙල්ටන් බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරි, අනුරාධපුරය.


2019 වසර ආරම්භය

2019 ජනවාරී 01 වෙනි දා .......තවත් නව වසරක් මෙසේ ආරම්භ විය....
ජාතික ගීය ගායනා කිරීම හා ඉන් අනතුරුව රණවිරුවන් ඇතුළුව දේශය වෙනුවෙන් දිවි කැප කළ සියළු දෙනා සැමරීම සඳහා විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම..........
රාජ්‍ය සේවා ප්‍රතිඥාව / දිවුරුම හඬ නගා කියවීම ............................
චිරාගත සම්ප්‍රධායාණුකූලව පොල්තෙල් පහණ දැල්වීම.................
ආගමික වතාවත් - පංසිල් සමාදන්වීම හා තුන් රුවනේ ආශිර්වාද ලබා ගැනීම..............................
ආගමික වතාවත් ................
ශ්‍රී ලංකාව තුල තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා කාර්ය මංඩලයේ සෑම දෙනාගේ ම දායකත්වය අවංකව, අප්‍රමාදව හා දැඩි කැපවීමෙන් යුතුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව කාර්ය මංඩලය දැණුවත් කිරීම.......... 
සංජනනී ජය ලැබුවන් ඇගයීම...............
දිනයේ ආරම්භය මේ ආකාරයට සිදුවුවත් ......දහවල් කාලයේ දී දිසාපති තුමාගේ නායකත්වයෙන් සාමුහිකව ලබා ගත් ජයග්‍රහනයක් පිළිබඳ පුවත අසන්නට ලැබුණි ....................................................................

ඡයාරූප අනුග්‍රහය - ෂෙල්ටන් බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරි, අනුරාධපුරය.