*


ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දින චිත්‍ර තරඟයේ සහතික පත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අතින් පිරිනැමේ.

සැප්තැම්බර් මස 15වන දිනට යෙදෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමිවප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව සමාජ අවධානය යොමු කිරිමේ අරමුණින් 2020 වර්ෂයේ පැවති කාටුන් චිත්‍ර තරගයේ සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2021/01/22 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වුණි.




 ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ජන්ද බලය යන මාතෘකාව යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල රජයේ හා පෞද්ගලික පාසල් මෙන්ම විවෘත යන අංශයන්ගෙන් ජයග්‍රහණ හිමිකරගත් 18 දෙනෙකුට සහතික හා ත්‍යාග ලබාදීම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙ සදහා පාසල් අංශයෙන් 8දෙනෙකු හා විවෘත අංශයෙන් 10දෙනෙකු තොරාගන්නා ලදි. පළමු ස්ථානයට රුපියල් දස දහසක තිලිණයක් සමග සහතිකපතක්දෙවන ස්ථානයට රුපියල් හත්දහස් පන්සියයක තිලිණයක් සමග සහතිකපතක්තෙවන ස්ථානයට රුපියල් පන්දහසක තිලිණයක් සමග සහතිකපතක් හිමිවීය. තවත් දස දෙනෙකුට කුසලතා සහතික පත් හිමිවිය. මුල්‍යම දායකත්වය ලබාගෙන ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවේ උපායමාර්ග සැලැස්මට සමගාමීමහජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේයි.



අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් සංවිධාන කල මෙම වැඩසටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්.රුවන් බණ්ඩාර නවරත්න මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. අයෝමි රත්නායක මෙනවිය සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බි.එම්. සුෆ්යාන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූහ.

 

(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)