*


කේසර ඵලදායිතා කවය - අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය

 දැක්ම

"සර්වජන ඡන්ද බලය සුරකින දේශයක්"

 මෙහෙවර

 "ජනතා පරමාධිපත්‍යයසර්වජන ඡන්ද බලය හා සබැඳි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි අදාළ සියළු පාර්ශව දැනුවත් කෙරෙන නිදහස්සාධාරණ හා විශ්වසනීය මැතිවරණ ක‍්‍රියාවලියක් කාර්යක්ෂමව හා සඵලතාවයෙන් යුතුව මෙහෙයවීම"

 අනුරාධපුර  දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති  ඵලදායීතා කවය "කේසර  ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත. එහි සංයුතිය පහත පරිදි වේ.

කණ්ඩායම් නායක : එච්.එම්.එස්.බී.හුණුකැටැල්ල මයා / එන්. කෞශල්‍ය ප්‍රේමරත්න මයා

සෙසු සාමාජිකයන් : ඒ.කේ.වන්නිනායක මයා, ජේ.වී.ඩී.කුමාර මයා, එච්.ඩබ්ලිව්.ඊ.එම්.ජී.ඒකනායක මයා, ආර්.එම්.පරණහේවා මිය, ආර්.ඒ.චන්ද්‍රසිරි මයා, පී.එම්.ගුණවර්ධන මිය, ටී.ආර්.සී.සමරවර්ධන මිය, ඕ.කේ.මධුවන්ති මෙනවිය, ඩබ්.එම්.ආර්.එස්.සෙනවිරත්න මයා, උත්පලා කුමාරසේකර මෙනවිය, ජේ.එස්.ඩී.කුමාර මයා, ටී.එම්.එම්.පී.තෙන්නකෝන් මයා, එච්.පී.එච්.රොෂානි මෙනවිය, ඩබ්.එල්.ඩී.තිලංකා මිය, එන්.අයි.කේ.වැලෑනවැව මිය, ආර්.එම්.ශාලිනී මිය, ඩී.එම්.ජී.බී.එස්.කේ.දිසානායක මෙය, කේ.ඒ.එස්.එන්.සිසිර බන්දු මයා, ටී.අරුණ වික්‍රම මයා, එම්.ඒ.ඩී.වීරසේකර මයා, ඩබ්.එම්.ජේ.සී.වලිසිංහ මෙය, ඩබ්.ඉන්දික පුෂ්ප කුමාර මයා.

පෙර දී ඵලදායිතා කවය මඟින් ක්‍රියාත්මක වූ වැඩසටහන් ලෙස මැතිවරණ කාලසීමාවේදී හා ජන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාවේදී ග්‍රාම නිලධාරීන් හට කඩිනමින් පණිවිඩ ලබාදීම සඳහා හඳුන්වාදෙනු ලැබූ Twitter කෙටිපණිවිඩ සේවාවක් සංවර්ධන නිලධාරී එච්.එම්.එස්.බී.හුණුකැටැල්ල මහතා විසින් හඳුන්වාදෙන ලදී. තවද මැතිවරණ කාර්යාලීය තොරතුරු ඉල්ලුම් කරන බාහිර පාර්ශවයන් වෙත කඩිනමින් ඒවා ලබා දීමට නිශ්චිත ක්‍රමවේදයක් හඳුන්වා දීම කවය මඟින් මේ වනවිටත් ක්‍රියාත්මක කර ප්‍රතිලාභ අත්විඳිමින් ඇත.

වත්මන් කවයේ අනුශාසක එම්.බී.එම්.සුෆ්යාන් මහතා ඇතුළු සාමාජිකයන්ගේ මඟපෙන්වීමෙන් කාර්යාලගත නිලධාරීන්ගේ නිවාඩු වාර්තා සකස් කරගැනීමට දත්ත පද්ධතියක් සකස්කර ගත යුතු බව, මැතිවරණ රාජකාරි සඳහා කාර්ය මණ්ඩල පත්කිරීම් දත්ත පද්ධතියක් සකස්කර ගත යුතු බව හා අපගේ ප්‍රධාන තොරතුරු ගබඩාව හෙවත් ග්‍රාම නිලධාරී හරහා ගෘහමූලිකයන් වෙතින් ලබාගන්නා ඩොකට්ටු විධිමත්ව සැකසීම යන යෝජනා ඉදිරිපත් විය,

ඒ අනුව නිවාඩු ලේඛන ගතකිරීම සම්බන්ධයෙන් පහත ගැටළු හඳුනාගන්නා ලදී,

·                    නිලධාරීන්ගේ නිවාඩු වාර්තා පොත් සමඟ දිගුවේලාවක් පරීක්ෂා කිරීමෙන්සටහන් තැබීමට සිදුවීම.

·                    නිවාඩු වාර්තාවක් ලබා ගැනීමේදී යම් කිසි කාලයක් ගතවීම.

·                    එක් එක් කාලයන්හිදී පවතින රාජකාරී විවිධත්වය හේතුවෙන් වාර්තා සකස් කිරීමට ගතවන කාලය වැඩිවීම.

·            එක් එක් නිලධාරීයාගේ කාර්යසාධනයන් සිදුකිරීමේදී ලබාගත් නිවාඩු සම්බන්ධයෙන් ගණනය කිරීම් සිදුකිරීමට කාලය ගතවීම.

මේ අනුව ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් යටතේ නිලධාරීන්ගේ නිවාඩු විස්තර වාර්තා සකස් කිරීම සඳහා නිවාඩු විස්තර කළමනාකරණ දත්ත පද්ධතියක් (Leave Management System) වැඩි දියුණු කර ඇති අතර, මෙම දත්ත පද්ධතිය ඇතුලත් පරිගණක වැඩසටහන තොරතුරු තාක්ෂණ සේවයේ නුරංජිත් කෞශල්‍ය ප්‍රේමරත්න මහතා විසින් සංවර්ධනය  කොට ඇත.   

 


මෙම තොරතුරු පද්ධතිය යටතේ ලබා ගතහැකි ප්‍රතිලාභ.

 ·        අනියම්, විවේක, රාජකාරි, කෙටි නිවාඩු සහ මාතෘ, පීතෘ නිවාඩු ඇතුලත් කිරීමට සහ මාසික නිවාඩු වාර්ථාව ලබා ගැනීම

·        නිලධාරීන්ට තමන් ලබා ගත් නිවාඩු සංඛ්‍යාව වෙන වෙනම බලා ගැනීමට හැකිවීම.

·        රාජකාරී දිනයක් තුළ නිවාඩු අනුමත කරවාගෙන ඇත්නම් එම දිනට අදාලව  නිවාඩු ලබාගෙන ඇති නිලධාරීන් ගණන පහසුවෙන් නිරීක්ෂණය කිරීම කළ හැකිවීම.

මීට අමතරව පහත අභිමතයන් සපුරනුවස් මෙම පද්ධතිය වැඩිදියුණු කෙරේ.

·        නිලධාරීන් හට නිවාඩු අයදුම් කිරීම,

·        ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරී විසින් හා ආයතන ප්‍රධානී විසින් අනුමත කිරීම

·        නිවාඩු අයදුම්පත්‍රයේ  මුද්‍රිත පිටපත ලබාගැනීම.

·         නිළධාරීන් විසින් ඉල්ලුම් කරන නිවාඩු වාර්තා ඉතා ඉක්මනින් හා ඉතාමත් නිරවද්‍යව ලබා ගැනීම




මෙතෙක් මැතිවරණ රාජකාරි සඳහා කාර්ය මණ්ඩල පත්කිරීම් හා ඡන්ද මධ්‍යස්ථානයන් වෙත නිලධාරීන් යොමුකිරීමේ ක්‍රමවේදය Manual ආකාරයට හා Microsoft Excell ආධාරයෙන් සිදුකරන ලද ලද නිසා මැතිවරණයක දී කාර්යමණ්ඩල පත්කිරීමේ කටයුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබුණි.  කවයේ ඵලදායිතාව නංවනුවස් මැතිවරණ රාජකාරි සඳහා කාර්ය මණ්ඩල පත්කිරීම් දත්ත පද්ධතියක් සකස්කිරීමට සහකාර මැතිවරණ කොමසාරිස් තුමන්ගේ මඟපෙන්වීම සහ අනුමැතිය යටතේ (Polling Staff Management System ) වැඩි දියුණු කර භාවිතයට ගෙන ඇති අතරමෙම දත්ත පද්ධතිය ඇතුලත් පරිගණක වැඩ සටහන තොරතුරු තාක්ෂණ සේවයේ නුරංජිත් කෞශල්‍ය ප්‍රේමරත්න මහතා විසින් සංවර්ධනය  කොට ඇත. 


  


ඒ අනුව මෙම පද්ධතිය වැඩි දියුණු කිරීමට හේතුවූ කරුණු මෙසේ විය.

·   සෑම වර්ෂයකදීම කාර්යමණ්ඩල තොරතුරු ඇතුළත් කිරීමට සිදුවීම

·   එක් එක් ඡන්ද ප්‍රදේශ, තනතුරුවලට අදාල කාර්යමණ්ඩල ලැයිස්තු වෙනවෙනම සකස් කිරීමට සිදුවීම සහ පසුව අවසන් කාර්යමණ්ඩලය එකට සකස් කිරීමට සිදුවීම.  

· එකම නිලධාරියෙකු දත්ත පත්‍රිකා දෙකක් ලබාදීම නිසා එක් නිලධාරියෙකු සඳහා ද්විත්ව රාජකාරීන් පැවරීම.

·   මැතිවරණය අවසානයේදී වාර්තා සකස් කිරීමට මාසයක පමණ කාලයක් ගතවීම.

·    රාජකාරී මාරුවීම් අවස්ථාවල හා රාජකාරියට නිලධාරීන් පැමිණීමට නොහැකිබව වාර්තා කළ විට ඇතැම් වාර්තා විධිමත්ව සටහන් නොවීම.  

මෙම තොරතුරු පද්ධතිය යටතේ ලබා ගතහැකි ප්‍රතිලාභ. 

·        කාර්ය මණ්ඩල තොරතුරු විධිමත්ව රැස්කිරීම.

·        එක් එක් ඡන්ද මධ්‍යාථාන වෙත නිලධාරීන් විධිමත්ව පත් කිරීම.

·        ගණන් කිරීමේ ශාලාවෙත නිලධාරීන් පත් කිරීම.

·        එක් එක් නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි ලබා ගැනීම.

·        එක් එක් නිලධාරීන් සිදුකරනු ලබන මැතිවරණ රාජකාරී වාර්තාවක් තබාගැනීම.

·        එක් එක් නිලධාරීන් වෙතින් යම් යම් වැරදි සිදුකර ඇත්නම් එම වාර්තා තබා ගැනීම.

·        ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන් නිලධාරීන් වාර්තා කිරීම හා නොකිරීම වාර්තා තබා

ගැනීම.

·        අවශ්‍ය කරන අත්සන් ලේඛන වල පිටපත් ලබාගැනීම.

·        එක් එක් නිලධාරීන් කාණ්ඩයන්ගේ සාරාංශයන් පහසුවෙන් ලබා ගැනීම.

·        රාජකාරී මාරුවීම් පහසුවෙන් සිදුකළ හැකිවීම.

මෙම වැඩසටහන දියුණුකරමින් වඩාත් කාර්යක්ෂමව නිලධාරී සංඝනණයත් වාර්තා තබා ගැනීමත් අපේක්ෂා කෙරේ.



අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි තුලාන 694 ට අදාලව සෑම වසරකම ජුනි මස 1 දිනට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයට සමගාමිව ඡන්ද හිමි නාමලේඛන සැකසීම සඳහා ග්‍රාම නිලධාරින් විසින් සියළුම ගෘහයන් වෙත ගොස් සම්පූර්ණ කරගන්නා ලඳ  බී.සී ආකෘති පත්‍ර ඡන්ද ප්‍රදේශ මට්ටමින් ඩොකට් වශයෙන් සකස් කර මැතිවරණ කාර්යාලයට භාරදේ. ඒ අනුව ප්‍රවර්තන වර්ෂයට අදාල ඩොකට් මැතිවරණ ලේඛනාගාරයේ තැන්පත් කරයි.
ලේඛනාගාරයේ පෙර පැවති තත්වය පහත පරිදි වේ.

ඡන්ද හිමි නාමලේඛනයේ සකස් කිරිමේදී මෙම ඩොකට් ඡන්ද  ප්‍රදේශ භාර නිලධාරීන්ට නිතරම භාවිතා කිරීමට සිදුවේ. එහිදී පෙර පැවති තත්වය අනුව යම් ඡන්ද ප්‍රදේශයකට අදාල ඩොකට් එකක් සොයා ගැනීමට යාමේදී ඡන්ද ප්‍රදේශ භාර නිලධාරීන්ට බොහෝ පරිශ්‍රමයක් හා කාලයක් දැරීමට සිදුවේ.

මෙම ගැටළුව සඳහා කාර්යාල නිලධාරීන් නව්‍ය ආකාරයෙන් සිතා ඉතා පහසුවෙන් සහ ඉක්මනින්  මෙම කාර්ය සිදු කර ගැනීම සඳහා පහත දැක්වෙන පරිදි ලේඛනාගාරය එක් එක් ඡන්ද ප්‍රදේශය සඳහා වර්ණ තීරු සහිත ඩොකට් භාවිතයට ගෙන සිත් ගන්නා ආකාරයෙන් සකස් කිරීම කේසර කවයේ සියළු සාමාජිකයන්ගේ කැපවීම මත සාර්ථකව කරන ලදි. 

භාවිතා කළ වර්ණ තීරු



කේසර ඵලදායිතා කවයේ සියළුම සාමාජිකයින්ගේ එකමුතුවත් ආයතන ප්‍රධානීතුමාගේ අනුකූලතාවයත් නිසා නිවාඩු ලිපිකරු හට පහසුවෙන් නිවාඩු වාර්තා ලබා ගැනීමට පහසුවිය. මෙය ඉදිරියේදී වැඩිදියුණු කිරීමට අදහස් කර ඇත. නිලධාරීන් හට නිවසේ සිටම නිවාඩු අයදුම් කිරීමත්, ආයතන ප්‍රධානි විසින් අනුමතකිරීමත් නිලධාරියාවෙත මාසික නිවාඩු සාරාංශයක් නිලධාරියාගේ ඊ මේල් ගිණුම්වෙත ලබාදීමත් යෝජනා ලෙස පවතී.  

වැඩිකාලයක් දරමින් හා වැඩි නිලධාරීන් ප්‍රමාණයක් යොමුකරමින් සිදු කරනු ලැබූ මැතිවරණ රාජකාරී සඳහා කාර්යමණ්ඩල පත්කිරීම, පත්වීම් නිකුත් කිරීම, අත්සන් ලේඛණ සැකසීම, වාර්තා ලබාගැනීම, සටහන් තබා ගැනීම, නිලධාරීන් අසාදුලේඛන ගත ගිරීම සහ වාර්තා කිරීම පහසුවීම පාලනාධිකාරිය සඳහා තීරණ ගැනීම පහසුකරවීය මෙය කේසර ඵලදායිතා කවයේ සාමාජිකයන්ට පමණක් නොව මැතිවරණ ක්‍රියාවලියම පහසු කරවන්නක් විය. 

කවයේ සමාජිකයන් සක්‍රීයවම දායකවූ ලේඛනාගාරයේ යලි සැකැස්ම නිලධාරීන් අතර සහයෝගීතාවය වැඩිදියුණු වූ කාර්යක් වූ අතර අපගේ ප්‍රධාන තොරතුරු ගබඩාව වන ගෘහ මූලිකයන් වෙතින් ලබාගන්නා ගෘහමූලික ලැයිස්තු ග්‍රාමනිලධාරී වසම් හා ආසන අනුව පෙරදී වෙන්ව පැවතුනත් එය මේ ලෙස විධිමත්ව සකස්කර ගැනීමට නව මුද්‍රිත ගෘහමූලික ලැයිස්තුව පහසුවක් විය. එක් වරම ඡන්ද කොට්ඨාසයක ඩොකට්ටුව ලබා ගැනීමට හැකිවීම අධික බරකින් යුතුවන මෙම ඩොකට්ටු හැසිරවීම නිසා ඇතිවන අපහසුතා මඟ හැරීයාම නිලධාරීන් වෙත රාජකාරි පහසුකරවීය.

මීට අමතර කේසර ඵලදායිතා කවය මඟින් ආයතනයේ ගබඩාව සඳහා පරිගණක පද්ධතියක්  සංවර්ධනය කිරීමට යෝජනා කර ඇත.


E