*


නීල හරිත කවය - දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

දැක්ම:

"ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්" 

මෙහෙවර:

"ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය තුලන් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණීජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරගකාරි නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් ශාක්ෂාත් කරගැනීම" 

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුයුක්තව අනුරාධපුර දිස්ත්‍රික්කයේ  කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට සහ දිස්ත්‍රික් ලේකම්ට සහය වීම පිණිස දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයතුළ පිහිටුවා ඇති දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 සඳහාම උපකාර්යාල ස්ථාපනය කොට ඇත. දිස්ත්‍රික් කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති ඵලදායිතා කවය " නීල හරිත කවය ලෙස නම් කොට ඇත. කව සංයුතිය පහත පරිදි වේ.

 කව නායක - සුසිනි දිසානායක මිය.
සෙසු සාමාජියින් - තාරක කොස්තා මහතා, චලිත ගයාන් මහතා, නිලූෂි හේරත් මිය, එරන්ද ලක්මාල් මහතා, වරුණි දිසානායක මිය, ගයාන් දිසානායක මහතා හා යුදීශා ලක්මාලි මෙනවිය.
 
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.
හඳුනා ගත් ගැටළුව

සෞභාග්‍යා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ප්‍රවර්ධනය කරන බෝග 16 න් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල යල සහ මහ කන්න දෙකේ දී වගාකරන  බෝග වර්ග 13ට අදාල වගා තොරතුරු කඩිනමින් සහ නිවැරදිව ලබාගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය හා අනෙකුත් ආයතන වෙත ඉදිරිපත් කිරීමේ අපහසුව.

ගැටළුව ඇති වීමට හේතු

අනුරාධපුර දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය වීම හා කෘෂිකාර්මික පසුබිමක් පවතින දිස්ත්‍රික්කයක් බැවින්,

1. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට අදාල ගොවිජන සේවා මධ්‍යස්ථාන 43 සඳහා වගා ඉලක්කයන් හා වගා ප්‍රගතියට අදාල දත්ත ලබා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වීම.
2. තොරතුරු වාර්තා කිරීමේදී වැරදි සිදුවීම. එනම් බෝගවලට අදාල වගා වපසරිය මාරුවීම, වගා වපසරිය වැරදි ලෙස ( අක්කර/ හෙක්ටයාර් ) වාර්තා වීම, තොරතුරු ලබා ගන්නා කාල සීමාව වෙනස් වීම, තොරතුරු ද්විගණනය වීම  ( පදිංචි ප්‍රදේශය සහ වගා ඉඩම පිහිටි ප්‍රදේශය වෙනස් වූ විට එම ප්‍රදේශ 2 යටතේම තොරතුරු ලබා ගැනීම )
3. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික වගා වපසරිය ආයතන 03ක් යටතේ පැවතීම.
         I. උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව2.අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
         3. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. 
4. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුල එම ආයතන තුනට ම අදාල  වගා වපසරියන් තිබෙන හෙයින් ඒවා වෙන්කර හදුනා ගැනිම අපහසු වීම. 
5. මහා පරිමාණයෙන් වගා කරන ගොවීන්ට වඩා කුඩා වපසරියක බෝග වගා කරන ගොවීන් විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්කය තුල සිටීම. 
6. අන්තර්ජාලය හා නවීන තාක්ෂණික ක්‍රම භාවිතය අවම වීම.
 
විසදුම් හා යෝජනා

1. කෘෂිකර්ම අමාත්‍යංශයෙන් Google Form  මෘදුකාංගය හදුන්වා දීම. වෙබ් අඩවියට පිවිසුම පහත දක්වා ඇත.
2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සම්පත් භාවිතා කිරීමට හැකි ක්‍රමෝපායන් සකස් කිරීම.
3. කෘෂිකර්මය හා සම්බන්ධ වෙනත් ආයතන සමග මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම. 

අත්කරගත් ප්‍රතිලාභ - මූල්‍යමය ප්‍රතිලාභ.
 1. කඩදාසි භාවිතය අවම වීම. 2. ටෝනර් භාවිතය අවම විම. 3. මුද්දර හා තැපැල් ගාස්තු අවම වීම.
 
අත්කරගත් ප්‍රතිලාභ - මූල්‍ය නොවන ප්‍රතිලාභ.

1. කාලය ඉතිරි විම - 2020 යල කන්නයේ වාර්තා සියල්ල නිවැරදිව සම්පූර්ණ කර අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරිම සදහා මාස 03 ක කාලයක් වැය වූවද  මෙම ක්‍රියාදාමය අනුගමනය කිරීම හේතුවෙන් නිවැරදි දත්ත ලබා ගැනීම මසක් වැනි කෙටි කලකින් අවසන් කරගත හැකි වීම.
2. ගොවිජන සේවා මට්ටමින් , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හෝ ආයතන මට්ටමින් තොරතුරු ලබා දිය හැකි දත්ත පද්ධතියක් පැවතීම.( පුද්ගල නාම වශයෙන් වගා තොරතුරු ලබාගත් ලේඛනය, ගොවිජන සේවා මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සාරාංශ කල දත්ත )
 
ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර තියුණු කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.