*


හොරොව්පතාන , අඹගස්වැව දහම් සිසිලෙන් ඇළලෙයි

*
හොරොව්පතාන , අඹගස්වැව රජ මහා විහාරයට ඊයේ (17) ඓතිහාසික දිනයක් විය. දශක කිහිපයකට පසුව ප්‍රතිසංස්කරණය කළ චෛත්‍යට කොත් පැළඳවීමේ පිංකම හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරයක් රෝපණය කිරීම ඊට හේතුව යි. සැදැහැති ජනයා රැස් කමින් විහාර භූමියට පැමිණියේ සිය විහාරස්ථානයට මෙන්ම ගම්මානයට ලැබුණු මේ ගුණාභරණයන් දැක බලා ගැනීමේ මා හැඟ උනන්දුව සමඟිනි. අනතුරුව සියල්ල පූර්ණ වූ උත්සවයකි.

අනුරාධපුර මහ දිසාපති ආර්.එම් .වන්නිනායක මහතා මීට වසරකට පෙර පුවතපතක් කියවද්දී අඹගස්වැව පුරාණ රජ මහා විහාරයේ ගරා වැටෙමින් ඇති දැගැබක් පිළිබඳ පුවත දුටුවේ ය. සැනින් ක්‍රියාත්මක වූ එතුමා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට දැනුම් දුන්නේ මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දිය යුතු බවයි. එලෙස ඇරඹි කටයුත්ත අති සාර්ථක ගමනක් පැමිණියේ කාගේත් උනන්දුව මත යි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් මේ සඳහා කළ කැප කිරීම අතිශය අගය කීරීම වැදගත් වේ.

ත්‍රස්ත තර්ජන වලට කලක් තිස්සේ මුහුණ දුන් අඹගස්වැව ජනයා එයින් දැඩි පීඩා වින්ද හ. එහෙත් මෙම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය අඹගස්වැවේ ඉන්දරතන නායක හිමිපාණන් මේ ජනයා හැර ගියේ නැත. ඉතා අවංකවත් , ජනතා හිතකාමීවත් ධෛර්යයෙන් කටයුතු කර තිබේ. උන්වහන්සේ ගේ අධිෂ්ඨන බලයේ ප්‍රතිඵල වර්තමනාය වන විට ලැබී තිබෙන්නේ සතරපේරුවේ ජනතාවටයි. එම ජනී ජනයා ඉන්දරතන නායක හිමියන්ට දක්වන ගෞරවයේ තරමින් ම ඒ බැව් සනාථ වේ.

ආරම්භ කළේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුත පමණි. නමුත් වැඩ අවසන් වන විට අලුතින් ධර්ම ශාලාවක් ද ඉදිවිණි. ඒ සඳහා ලක්ෂ විස්සක මුදලක් රජය වැය කර තිබේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුරයක් රෝපණය කිරීම ද අගනා වාසනාවකි.

සුබ නැකැතින් කොත් පැළඳවීමේ මංගල්‍යය ඇරඹිණි. ප්‍රබෝධයෙන් ඔද වැඩි බාල මහළු කවුරුත් නොනවත්වා සාදු නාද නැන්වී ය. ඒ සාදු නාද ද ,පිරිත් සජ්ඣායනා ද කැටුව නැගි අධ්‍යාත්ම සුවඳ බුද්ධාලම්භනය දෙගුණ තෙගුණ කළේ ය. අටමස්ථානාධිපති , උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක , ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ වැඩමවීම ඔස්සේ උත්සවය තවත් ආලෝකවත් විය. ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධීකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති නායක හිමියෝ කළ අනුශාසනය, අඹගස්වැව විහාරාධිපති පූජ්‍ය අඹගස්වැවේ ඉන්දරතන නායක හිමියන් පිළිබඳව තව තවත් දැනගන්නට මාවතක් විය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ මෙන්ම අටමස්ථාන විහාර වාසි නායක හිමියෝ ද ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද කොත් පැළඳවී ය.

පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුරය රෝපණය කරන ලද්දේ අටමස්ථානාධිපති නායක හිමියන්ගේ මූලිකත්වයෙනි. මෙම පුණ්‍ය කටයුතු සම්භාරයෙහි ආරම්භක අඩිතාලම දැමූ අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා , මධ්‍යම සංස්කෘතික අරමුදලේ උතුරුමැද පලාත් සහකාර අධ්‍යක්ෂ නීතීඥ සජීව ගුණරත්න , යන මහත්වරුන් මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ තවත් නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් විය.

දිසාපතිතුමා ගෙන් පටන් ගෙන බෞද්ධ කටයුතු සමායෝජක දක්වා විවිධ නිලධාරීන්ගේ කැප කිරීමත් , මහා සංඝරත්නයේ ආශිර්වාදයත් පෙරටුව දැන් හොරොව්පතාන අඹගස්වැව ජනතාවට අධ්‍යාත්මයේ නව එළි දැල්වී තිබේ. ඒ සතුට සතරපේරුවේ ජනයාට පමණක් නොව උත්සවයට එක් වූ සියලු පාර්ශවයන්ගේ මුහුණු මත පිපී තිබිණි.

සියල්ල නිසිව හදුනා ගනිමින් , නිසි අය එක්කාසු වෙමින් , අරමුණු පෙර දැරිව කටයුතු කිරීම ඔස්සේ කල් නෑර සියල්ල ජය ගත හැකි බව මේ පුණ්‍ය උත්සවය ඔස්සේ ආදර්ශවත්ව සමාජයට සැලකර තිබේ. එනයින් මෙය සැමට පූර්වාදර්ශයක් වේවා.



ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් හොරොව්පොතාන අඹගහවැව රජමහා විහාරයට වැඩමවයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ නමක් අද ( 2019 ජනවාරී 09 ) උදෑසන හොරොව්පොතාන අඹගහවැව පුරාණ රජ මහා විහාරයට වැඩම වීය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මෙම පුන්‍ය කාර්යය සිදුකෙරිණි. අඹගහවැව රජමහා විහාරයේ විහාරාධිපති හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක, අඹගහවැව ඉන්ද්‍රජෝති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ශ්‍රී මහා බෝධී අංකුර වහන්සේ අඹගහවැව විහාරස්ථානයට පූජා කෙරිණි. අනුරාධපුර මහා දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.මෙම අවස්ථාවේ ඡයාරූප පෙළ ගැස්ම පහතින් දක්වා ඇත.
                 ත්‍රස්ත තර්ජන වලට පවා නිරන්තර මුහුණ දෙමින් පුරාණ විහාරය ආරක්ෂා කිරීමට වෙහෙස වූ අඹගහවැව ජනතාව මෙම ශ්‍රී මහා බෝධි අංකුර වහන්ස  වැඩමවීම පිළිබදව ඉමහත් ප්‍රසාදයකින් පසුවේ. මීට වසරකට පෙර සංවර්ධනය කිරීමට ආරම්භ කළ අඹගහවැව විහාරස්ථානයේ චෛත්‍යය ද අලුත් වැඩියා කෙරෙමින් පවතී. දිසාපතිතුමාගේ සම්බන්ධීකරණයෙන් එම අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි.





2019 ජනවාරි 05 උදෑසන දානමය පින්කම

2019 ජනවාරි 04 දින සර්වරාත්‍රික පිරිත් පිංකමට පසු දින උදෑසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පැවති දානමය පින්කමෙහි ඡායාරූප පෙළ ගැස්ම.........



2019 වසර ආරම්භයේ පිරිත් පින්කම

2019 ජනවාරී 04 දින  පැවති සර්වරාත්‍රික පිරිත් පින්කමෙහි ඡායාරූප පෙළ ගැස්ම...........


2019 වසර ආරම්භය

නව අවුරුදු උදාව සැමරීම කාගේත් උනන්දුව ඔස්සේ උදෑසන සිදු විය. දිසාපතිතුමා හා අතිරේක දිසාපතිවරුන්,අනෙකුත් මාණ්ඩලික නිළධාරින්, ඇතුලත් සියලු සේවකයින් මන බඳනා ලීලයෙන් නැවුම්ව සිටින දිනයන් අතර වසරේ ආරම්භක දිනය ප්‍රමුඛ උදාර දිනයකි.සියල්ල කරන්නට ඉඩ දී  ඒ කෙරේ කාටත් නොදැනෙන ලෙස පතුලට කිමිද අවධානය දෙන දිසාපතිතුමා, කෙනෙකුට අමුතුය. තව අයට සොඳුරුය තව අයට දිමුතුය. ඒ සිතුම් එක් එක් මනු සිත් හි මට්ටම්, මානයන් අනුව සිදුවේ.

පිරුණු මල් වට්ටිය දිසාපතිතුමාගේ දෝත මතය.සියලු සේවකයෝ එයට අත ගැසූ පසු ප්‍රතාපවත් නුග රුක් හි පාමුල පිහිටා ඇති ශාන්ත බුදු රුව අභියස තැන්පත් කළේ, දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා විසිනි. සේවකයන් පිරිවරා පහන් දැල්වූයේ ඉන් අනතුරුවයි. නව වසරේ අනෙක් සිහින ගැන, ඒවා සැබෑ කර ගන්නා සැටි පහන් දල්වන මොහොතේ සෑම දෙනාගේම සිතට ගන්නට ඇත. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබිණි. නාහිමි කළ අනුශාසනයෙන් කියවුනේ රාජ්‍ය සේවකයාගේ චිත්ත ප්‍රීතිය රැඳී තිබෙන්නට නම් ජනතාශ්‍රය හරහා ජනී ජනයා තමාගෙන් බලාපොරොත්තු වන සේවාව රාජ්‍ය සේවකයා විසින් මනාව සිදු කළ යුතු බවයි. උතුම් වන්නේ මුදල් නොව සේවයයි. මතකයට නඟමින් මියෙන තුරු තෘප්ත විය හැක්කේ මුදලින් නොව කළ සේවයේ තරම සිහිගන්වමින් බව උන්වහන්සේ අවධාරණය කළහ. සංවර්ධනාභිමුක ගමනක යන්නට සහය දක්වන්නට රුචි රාජ්‍ය සේවකයින්ට මෙය තව තවත් උත්තේජනයකි. තම සේවයේ දිග පළල නොදන්නා හරසුන් සේවකයින්ට සිය මානසිකත්වය ධනාත්මක කර ගැනීමට පූර්වාදර්ශයකි.

කච්චේරියේ බොහෝ හදවත් සෞන්දර්ය මානය ස්පර්ශ කිරීමෙන් ඔබ්බට ගොස් එහි කිමිදෙන්නට ප්‍රිය කර ය.“සංජනනී” නමින් පසුගිය වසරේ කළ සෞන්දර්යාත්මක වැඩසටහන පමණක් සිහි කිරීමෙන්  ඒ බව ඔප්පු වේ.කච්චේරියේ නිලධාරින් සදහා පැවති එම ගීත ගායනා තරගාවලියේ දී ජය පැතූවන්ගේ ජය ලැබූ අය ඒ ජයග්‍රාහී ගීත නව වසරේ ආරම්භයේ දී ගායනා කිරීම, නව වසර ආන්දෝලනාත්මකව අරඹන්නට රුකුලක් සැපයීය.

අනුරාධපුර පුන්‍ය භූමිය තුළ සේවය කරන්නට ලැබීම කාගෙත් භාග්‍යකි. ඒ බව දිසාපතිතුමා නිතර කියයි. පෙර පින නිසා ලැබෙන අවස්ථාවක් සේ එතුමා එය දකී. එමෙන්ම මේ භාවය කළ සිට පුරවා ගන්නට ද තෝතැන්නකි, අනුරාධපුර ය. සුපුරුදු ලෙස අටමස්ථානය ඇතුළු පන්සල් වෙත ගොස් නායක මා හිමිපාණන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමද  දිසාපතිතුමා විසින් සිරිත් පරිදි සිදු කරන කටයුත්තකි. ඒ සමඟ අපට සතුටුව යත හැකි නිසා වසරේ කටයුතු සඳහා නැවුම් උත්තේජනයක් අපට ද ලැබේ. මෙදින සිදුවීම් මාලාවට අදාල ඡායාරූප පෙළගැස්ම පහතින් දක්වා ඇත.