*


දිනකර ඵලදායිතා කවය - දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය, අනුරාධපුර

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය දිස්ත්‍රික් ලේකම් යටතේ පවතින දිස්ත්‍රික් කාර්යාලයකි. එම කාර්යාලයේ ඵලදායිතාව ඉහල නැංවීම සඳහා ඵලදායිතා කව 2 ක් පිහිටුවා ඇති  අතර, "දිනකර ඵලදායිතා කවය" ඉන් එකකි. එහි සංයුතිය පහත පරිදි වේ.

කවයේ සභාපති - චන්දන ගනේකුඹුර මයා

කවයේ ලේකම් - දුමින්ද ප්‍රදිප් කුමාර මයා

කවයට අයත්  සෙසු සාමාජිකයින් - සුරංජි ගුණදාස මිය, දයා සිරිවර්ධන මයා, ඩි.පි.ඩි.දිසානායක මිය, ඒ.ඩි.කුලතුංග මිය, සමන්තා විජේරත්න මිය, ධනුෂ්කා රේෂානි මිය, සාලිය සෝමරත්න මයා, මහින්ද ජයගොඩ මයා, ලෙස්ලි මයා, එස්.ආර්.දිසානායක මයා, ටි.ඩි.ජයසුන්දර මයා, ඔෂලා මද්දුමගේ මිය, ඒ.එච්.ඩි.ඩි.පෙරේරා මිය, අයි.එම්.ඩි.පි.ඉලංගසිංහ මයා.

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.

එම ඉදිරිපත් කිරීම අනුව කව රැස්වීමක දී දෛනික තැපෑල කළමනාකරණය සම්බන්ධව කාර්යාලයේ පවතින තත්වය සමාලෝචනය කර ඇත. එහි දී පවතන තත්වයේ ගැටළු කීපයක් හඳුනා ගෙන ඇත.

01.ඡයා පිටපත් යන්ත්‍රය නිලධාරින් ආසන්නයේ භාවිතය නිසා නිලධාරින්ට ඉන් සිදුවිය හැකි අහිත කර බලපෑම.
02.ප්‍රින්ටර්
 භාවිතයෙන් ගණු ලබන පිටපත් ප්‍රමාණය විශාල විම නිසා යන ‍ටෝනර් වියදම අධික විම.(ඇමුණුම්/වාර්තා/සේවකණය/විගණනවාර්තා)
03.
 Dot  matrix printer භාවිතයෙන් A3 ප්‍රමාණයේ කඩදාසි මුද්‍රණය කිරිම සදහා වැඩි කාලයක් ගතවිම.

02.ප්‍රින්ටර් භාවිතයෙන් ගණු ලබන පිටපත් ප්‍රමාණය විශාල විම නිසා යන ‍ටෝනර් වියදම අධික විම.(ඇමුණුම්/වාර්තා/සේවකණය/විගණනවාර්තා)

03. Dot  matrix printer භාවිතයෙන් A3 ප්‍රමාණයේ කඩදාසි මුද්‍රණය කිරිම සදහා වැඩි කාලයක් ගතවිම.

විසඳුම. - කුඩා ඉඩකඩක් පවතින කාර්යාලයේ ඒ සදහා වෙනම IT UNIT එකක් ස්ථාපිත කිරිම.

අපේක්ෂිත අරමුණු හා ප්‍රතිලාභ

1.සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් ඇති කර ගැනිම.

2.කාර්යාලයේ ක්‍රමාණුකූලභාවය වැඩිදියුණු කර ගැනිම.

2.ටෝනර්  වියදම අවමකර ගැනිම.

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර දිනකර කවය විසින්  Power Point Presentation  එකක් හා වීඩියෝ අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. ඉදිරිපත් කළ Power Point Presentation  එක පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.


ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල දෙවන ඉදිරිපත් කිරීම.

එම ඉදිරිපත් කිරීම අනුව කව රැස්වීමක දී සේවාලාභින් වෙත වැටුප් වාර්තා , සේවා සහතික නිකුත් කිරිම සම්බන්ධව කාර්යාලයේ පවතින තත්වය සමාලෝචනය කර ඇත. එහි දී පවතන තත්වයේ ගැටළු කීපයක් හඳුනා ගෙන ඇත. 

හඳුනාගත් ගැටළු. 

දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 22 සේවයේ නියුතු නිලධාරීන් (සේවාලාභින්) වෙත වැටුප් වාර්තා , සේවා සහතික නිකුත් කිරිමේ දි ඇති වන ප්‍රමාදය වලක්වා ගැනිම හා  සේවාලාභින් කාර්යාලයට පැමිණෙන වාර ගණන අඩු කිරිම. 

ගැටළුව විසඳීම සදහා ගත් ක්‍රියාමාර්ග. 

ඉහත ගැටළුව සදහා නිලධාරින් විසින් ණය ලබා ගැනිමේදි අදාල නිලධාරියා දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිමකින් තොරව වැටුප් වාර්තා හා සේවා සහතික ඉල්ලුම් කිරිම හා අදාල වාර්තා දිස්ත්‍රික් වැටුප් අංශය මගින් සන්නිවේදන තාක්ෂණය (ඊමේල් - dissamuwatup@gmail.com හා වට්ස්ඇප්) භාවිතයෙන් නිකුත් කිරිමට ඵලදායිතා කවය තීරණය කර ඇත. 

මෙම ක්‍රියාවලිය මගින් අත්කර ගෙන ඇති ප්‍රථිලාභ. 

1.      ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති විම.

2.      නිලධාරින් දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිමකින් තොරව තම රාජකාරි ඉටු කර ගැනිම.

3.       සේවාලාභින්ගේ සේවක තෘප්තිය වැඩිවිම.

4.       නවීන තාක්ෂණය සමඟ කටයුතු කිරිමට සේවාලාභින් නැඹුරු විම

5.       ප්‍රවාහන වියදම්  හා කාලය ඉතිරි විම. ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර විකුම් කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.