*


කාර්යාලයේ 2020 ඵලදායිතා වැඩ සටහන ක්‍රියාත්මක කිරීම.

2020 ඵලදායිතා තරඟාවලිය සම්බන්ධව අනුරාධපුර දිසාපති / දිස්ත්‍රික් ලේකම් නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතාගේ අදහස් දැක්වීම. 

 ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන 2020 ඵලදායිතා තරඟාවලිය  පිළිබඳව අදහස් දැක්වු අනුරාධපුර දිසාපති / දිස්ත්‍රික් ලේකම් නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15 ක් ඒ සඳහා  ඉදිරිපත් වී ඇති බව ප්‍රකාශ කළේය. මහජන සේවය ශක්තිමත් කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම හා තවදුරටත් මහජන සේවා ශක්තිමත් කිරීම සඳහා මානව හා අනිකුත් සම්පත් යෙදවීම ආයතනය තුල ක්‍රියාත්මක ඵලදායිතා වැඩසටහනේ  මූලික අරමුණ බව ප්‍රකාශ කළ ඒ මහතා කාර්ය මණ්ඩලයේ සේවා තෘප්තිය වර්ධනය කිරීමත් සමග මහජන සේවා ශක්තිමත්ව පවත්වා ගෙන යාම අනෙක් අරමුණ බව ප්‍රකාශ කළේය. 

මෙම අරමුණු කෙතරම් දුරට සාධනය වී ඇත්ද යන්න මෙම තරඟාවලියෙන් ලැබෙන ස්ථානය අනුව තීරණය වන බව පැවසු ඒ මහතා  මෙම තරඟාවලියේදී 2017 වර්ෂය තුල කුසලතා සහතිකයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබී ඇති බවත් 2018 වර්ෂය තුලදී තුන්වන ස්ථානය දක්වා ඉදිරියට ඒමට හැකි වු බවත් ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ යම් දුෂ්කර තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් මහජන සේවා කාර්යක්ෂමව සැපයිම පසුගිය වර්ෂය පුරා සිදු කළ බව පැවසු ඒ මහතා ඒ  සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාවලින් වැඩි දියුණු කිරීම් හරහා අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවු බවත්  ඒ මහතා ප්‍රකාශ කරන ලදි. මහජන සේවා එම දුෂ්කර තත්ත්වයන් යටතේ ගැලපීම හා වේගවත් කිරීම සඳහා කටයුතු කල බවත් එය පලදායිතා වැඩසටහනේ සාර්ථකත්වයක් ලෙස තමා දකින බවද ප්‍රකාශ කළ ඒ මහතා නිරෝධායනය වන පවුල්වල කටයුතු, මහජනාධාර නිවෙස්වලටම ගොස් ලබා දීම මෙන්ම විශාල ජනතාවකට එකවර සහන සැලසීම මෙම කාලය තුල කාර්යක්ෂමව සිදු කල බවද ප්‍රකාශ කරන ලදි. 

මහජන සේවා කාර්යක්ෂමව සැපයීම සඳහා ක්‍රියාවලි වැඩි දියුණු කිරීම සඳහා ඵලදායිතා කව විසින් නිර්මාණශීලිව ඵලදායිතා න්‍යාය සහ සංකල්ප භාවිතා කරමින් අඛණ්ඩව වැඩි දියුණු කිරීම් සිදු කරන බැවින් මෙම වසරේ ඵලදායිතා තරඟාවලියේදී ද  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට තමා විශ්වාස කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා විසින් දැක් වු අදහස් පහත වීඩියෝ පටියට ඇතුලත්ව ඇත


2020 ඵලදායිතා තරඟාවලිය සම්බන්ධව අනුරාධපුර  අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්.රුවන් බණ්ඩාර නවරත්න මහතාගේ අදහස් දැක්වීම.

 ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන 2020 ඵලදායිතා තරඟාවලිය පිළිබඳව අදහස් දැක්වු අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්.රුවන් බණ්ඩාර නවරත්න මහතා  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලෙස දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් පරිදි ආයතනය තුල ඵලදායිතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා පසුගිය වසර කිහිපය පුරාම අධ්‍යයනය කරමින් සහ ක්‍රියා කරමින් සිටින බවත් එහි ප්‍රතිඵල මේ වන විට අත් කර ගෙන සිටින බවත් ප්‍රකාශ කළේය. මේ සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය තරඟයක් ලෙස මෙය සංවිධානය කරමින් අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබා දෙමින් සමස්ත රාජ්‍ය සේවය තුල මෙන්ම පරිබාහිර  අනිකුත් සංවිධාන තුල ඵලදායිතාවය වර්ධණය කිරීමටත් ගෘහස්ථ ඵලදායිතාවය සඳහාත් නිශ්චිත වැඩපිළිවෙලක් තුල කටයුතු කිරීම අගය කළ යුතු තත්ත්වයක් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. 

ඒ අනුව පසුගිය වර්ෂ කිහිපය පුරා වඩා කාර්යක්ෂම මහජන  සේවාවක් ජනතාවට ලබා දීමට ඵලදායිතා සංකල්ප බෙහෙවින් ප්‍රයෝජනවත්  වු බව සිහිපත් කළ ඒ මහතා ඵලදායිතා තරඟාවලිය තුල දිස්ත්‍රික්කය තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය අංශයේ  3 වන ස්ථාන මෙන්ම 2 වන ස්ථාන ලබා ගෙන ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයද දිස්ත්‍රික් ලේකම් කාර්යාල අතර 3 වන ස්ථානය 2018 වසරේදී අත් කර ගත් බවත් ප්‍රකාශ කළේය. මේ ආකාරයට තරඟයක් ලෙස මෙය සංවිධානය කිරීම නිසා කාර්ය මණ්ඩලය තුල ඵලදායිතා සංකල්ප පිළිබඳ දැනුම හා අවබෝධය  වර්ධනය වු බවත් යහපත් වැඩ  ආකල්ප වර්ධනය වීම තුල ආයතනය ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් ප්‍රකාශ කල ඒ මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වය තුල නවීන තාක්ෂණික ක්‍රම භාවිතය තුලින් නිවසේ සිට රාජකාරී කිරීම හා මහජනයා කැඳවීමකින් තොරව සේවා සැපයීමට පහසු වු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලි වැඩි දියුණු කර තිබීම නිසා එම කටයුතු පහසුවෙන් සිදු කිරීමට හැකි වු බවත් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම  මේ තුලින් කාර්ය මණ්ඩලය තුල සුහදතාවය වර්ධනය වීම සිදු ව ඇති බවත්  ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ආයතනය තුල වැඩි දියුණු කිරීම් අඛණ්ඩව සිදු කරමින් පවතින බවත් ඒ මහතා  ප්‍රකාශ කළේය.  ඒ මහතා විසින් දැක් වු අදහස් පහත වීඩියෝ පටියට ඇතුලත්ව ඇත.



 ඵලදායිතා වැඩ සටහන මෙහෙයවීමේ කාර්යය භාරවී ඇති නියමුවන් දෙදෙනා වන්නේ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරී සිසිර දිසානායක මහතා හා ඵලදාතා ප්‍රවර්ධන නිලධාරිණී  සඳපානී ගමගේ මහත්මියයි.


 දිසාපති තුමා හා අතිරේක දිසාපති තුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙම නිලධාරීන් මහත් කැපවීමෙන් කාර්යාලයේ ඵලදායිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටී.  


ඵලදායිතා වැඩ සටහන් සඳහා බ්ලොග් අඩවියක අවශ්‍යයතාවය.

 ඵලදායිතා වැඩ සටහන යටතේ  කාර්යාල නිලධාරීන් විසින් සිදුකරණු ලබන ක්‍රියාකාරකම් නිරතුරුව පරීක්ෂාවට ලක්කිරීමට හැකිවන පරිදි එම ක්‍රියාකාරකම් වල විස්තර එක් තැනකට ගොණු කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් සකසන ලෙස දිසාපති තුමා විසින් ලබා දුන් උපදෙස් අනුව 2018 ඵලදායී තරඟාවළියේ දී ආරම්භ වු මෙම බ්ලොග් අඩවිය කාර්යාලයේ අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශයේ සුහද කවයේ අප විසින් තවදුරටත් සංවර්ධනය කර 2020 ඵලදායිතා තරඟාවළිය සඳහා ද යම් කාර්යභාරයක් ඉටු කරන තත්වයකට පත් කරමින් සිටී.  මෙම බ්ලොග් අඩවිය පවත්වා ගෙන යාම සඳහා කාර්යාලයේ ඵලදායිතා නිලධාරී සිිිිිසිර දිසානායක මහතා හා සඳපානී ගමගේ මහත්මිය ගෙන් ලැබෙන සහාය අගේ කළ යුතුව ඇත.

දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය මෙන් ම ඒම ඒ්කකයේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් බණ්ඩාර මහතා විසින් සකස් කළ විස්තර වාර්තා හා ඡයාරූප නොවන්න මෙම අඩවිය පවත්වා ගෙන යාම කළ නොහැකි තත්වයකට පත් වන්නට තිබුණි. මෙම බ්ලොග් අඩවිය තුලට ඇතුලත් කර ඇති ඒ් මහතා වීසින් රචිත ලිපි හා ලබා ගත් ඡයාරූප මගින් ඉදිරිපත් කර ඇති අවස්ථාවන් වෙබ් පිටු තුළ සජීවීකරණය වී ඇත. අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශයේ සුහද ඵලදායිදා කවයේ අපි ඒ් සම්බන්ධව ෂෙල්ටන් බණ්ඩාර මහතාට ස්තුතිය මේ ආකාරයෙන් පළ කර සිටිමු. 

සුහද කවය, අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශය.