*


සියපත තත්ත්ව කව ව්‍යාපෘතිය


2018 09 17 දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

සියපත  කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන විවිධ සේවා අවශ්‍යතා ඇති සේවාලාභින්ගේ සේවා අවශ්‍යතා ඉටු කිරීමේදී මතුවන සේවා ප්‍රමාද වීම් හා එම සේවාලාභීන්ගේ අවශ්‍යතා ඉටු වූයේදැයි නිසි පසු විපරම් ක්‍රමවේදයක් නොමැති වීම.

යෝජිත විසඳුම
v  සටහන් පොතක් භාවිතා කිරිම.
v  ආකෘති පත්‍රයක් සකස් කර තොරතුරු ලබා ගැනීම.
v  වගවීම හා වගකීම නිසි ලෙස ඉටු කිරීම.
v  ඔබට මෙම ක්ෂේත්‍ර අංශයෙන් නිලධාරියෙක් මුණ නොගැසුනි නම්,  සංවර්ධන අංශයේ මෙහි සඳහන් නිලධාරින් හමු වන මෙන් සඳහන් පුවරුව ප්‍රදර්ශනය කිරීම.

  මෙම විසඳුම්  පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.