*


ප්‍රභාතය තත්ත්ව කව ව්‍යාපෘතිය

2018/09/20  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර
ප්‍රභාතය  තත්ත්ව විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති මුල්‍ය නොවන වත්කම් පිළිබද විස්තරාත්මක තොරතුරු ඇතුළත්
ලේඛනයක් නොමැතිවීම.

හඳුනා ගත් විසඳුම

තාක්ෂණික දැනුම ඇති අයෙක් හරහා වත්කම් කළමනාකරණය සදහා දත්ත පද්ධතියක් සකස් කර ගැනීම.
කාර්යාලයේ සියලුම වත්කම් පිළිබඳ තොරතුරු රැස්කර දත්ත පද්ධතියට ඇතුළත් කර යාවත්කාලීන කිරීම.
මුදල් රෙගුලාසි හා භාණ්ඩාගාර චක්රලේඛ ප්‍රකාරව වත්කම් සංකේතකරණය (Label) කිරීම.
ස්ථාවර වත්කම් කළමණාකරණය වෙනම විෂයක් වශයෙන් සදහා නිලධාරියකු පත් කිරීම.
අංශ ප්‍රධානීන් වෙත තම අංශයේ ඇති මුල් නොවන වත්කම් පිළිබද තොරතුරු ලබා දී එම වත්කම්වල වගකීම අංශ භාර නිලධාරීන්ට හා වත්කම්  පරිහරණ නිලධාරීන් වෙත පැවරීම.

මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.