*


සුහද කවය - අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශය

දැක්ම

" රජයේ මුදල් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා පරිසරයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම" 

මෙහෙවර ප්‍රකාශය

 " අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒ යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව කටයුතු කිරිමේ දී වැරදි හා වංචා වැලැක් විමට සහ ඒවා අනාවරණය කර ගැනිමට යොදා ඇති අභ්‍යන්තර පාලනයන්හි ප්‍රමානවත් බව හා විධිමත් බව සදහා අවශ්‍ය මාර්ගෝපදේශ දිස්ත්‍රික් ලේකම් වෙත නිර්දේශ කර වාර්තා කිරිම සහ මහජන නියෝජනයන් පිළිබඳව විමර්ශනයන් සිදු කර වාර්තා කිරිම හා නිර්දේශයන් ඉදිරිපත් කිරිම" 

අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පිහිටුවා ඇති  ඵලදායීතා කවය "සුහද  ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත. එහි සංයුතිය පහත පරිදි වේ.

කව නායක : එම්.ඒ.තුෂාර ප්‍රියදර්ශන මහතා.

කව ලේකම් : ඩී.අනෝමා වීරසිංහ මහත්මිය.

කවයේ සෙසු සාමාජිකයන් : පී.දමයන්ති මහත්මිය,කේ.පී.පී.කේ.ජයතිලක මහත්මිය, එම්.ඩී.පී.එස්.බණ්ඩාර මහත්මිය, පී.ඩබ්.විතාන මහතා, එස්.එල්.ඉලංගසිංහ මහත්මිය, එස්.ඒ.ඩී.අනුරුද්ධිකා මහත්මිය, ඊ.එම්.කේ.ඒකනායක මහතා, එස්.බී.කොටුවේගෙදර මහතා. 

අභ්‍යන්තර විගණන හා විමර්ශන අංශය සෘජු මහජන සේවාවන් සිදු නොකරන අංශයකි. ඒ නිසා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක අනෙකුත් අංශයන්ට පද්ධති වැඩි දියුණු කිරීම සඳහා සහයවීම හා ඇගයීම සඳහා කාර්යාලයේ අනෙකුත් අංශ විසින් සිදු කරනු ලබන වැඩි දියුණු කිරීම් බ්ලොග් අඩවියක් මගින් එක් ස්ථානයකට ගොණු කිරීම සුහද ඵලදායිතා කවය විසින් සිදු කර ඇත.  2018 ඵලදායිතා තරඟාවළිය සමග "සැරිසර සටහන්" නමින් ආරම්භ කර ඇති මෙම බ්ලොග් අඩවිය මේ දක්වා නිර්මාණශීලීව පවත්වාගෙන යනු ලබයි.

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන් 2021/01/27 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් District Secretariat Anuradhapura නමින් YouTube චැනලයක් ආරම්භ කර  පවත්වා ගෙන යාම සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලදි. කව ව්‍යාපෘතිය ඉදිරිපත් කළ කව නායක එම්.ඒ.තුෂාර ප්‍රියදර්ශන මහතා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ වීඩියෝ ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට විවෘත ආරාධනාවක් ද කාර්යය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි.

 එම ඉදිරිපත් කිරීම අනුව කව රැස්වීමක දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ඵලදායිතා කව විසින් සකස් කරණු ලබන වැඩසටහන් 2020 ඵලදායිතා තරඟාවලිය සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට සිදුවිය හැකි බැවින් ඒ සඳහා YouTube චැනලයක අවශ්‍යතාවය සම්බන්ධව පවතින තත්වය සමාලෝචනය කර ඇත. ඒ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට YouTube චැනලයක් නොතිබු බැවින් කාර්යාලයේ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් සමග ද සාකච්ඡා කර එවැනි චැනලයක් ආරම්භ කර පවත්වාගෙන යාමට තීරණය කර ඇත.  

ඒ අනුව ඵලදායිතා ලේකම් කාර්යාලය වෙත Un Publish වීඩියේ ඉදිරිපත් කිරීමට හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ වීඩියෝ එක් ස්ථානයකට ගොණු කිරීම සඳහා District Secretariat Anuradhapura නමින් YouTube චැනලයක් ආරම්භ කර පවත්වා ගෙන යාමට "සුහද  ඵලදායිතා කවය" විසින් කටයුතු කර ඇත. එම චැනලයට පිවිසීම හා ඒ පිළිබඳ විස්තර පහත පරිදි වේ.පහත  වෙබ් ලිපිනය ක්ලික් කර පරිගණකය මගින් මෙම චැනලයට පිවිසිය හැක.  https://www.youtube.com/channel/UC6rxAjMZaLyArZFgyYANR8A/videos

චැනලයට පිවිසීම සඳහා YouTube Web පිටුවට පිවිස Search Bar එකෙහි District Secretariat Anuradhapura යනුවෙන් සටහන් කොට Search කරන්න. එවිට පහත රූපසටහනෙහි කාර්යාලයේ ඡයාරූපය සහිත සෙවුමක් ලැබේ. එය ක්ලික් කල වහාම මෙම චැනලයට පිවිසිය හැක. ඒ ආකාරයටජංගම දුරකථනයෙන් මෙම චැනලයට පිවිසිය හැකියි. පරිගණකයෙන් නම් ඉහත ලින්ක් එක ක්ලික් කරන්න. 


සැරිසර සටහන් බ්ලොග් අඩවිය (මෙම බ්ලොග් අඩවිය) පවත්වාගෙන යාම.

2018 ඵලදායිතා තරඟාවළිය සමග " ඵලදායිතාකව "  නමින් ආරම්භ කර තිබු බ්ලොග් අඩවිය "සැරිසර සටහන්නමින් එතැන් සිට මේ දක්වා පවත්වාගෙන ගොස් ඇත. 2020 ඵලදායිතා තරඟාවළිය සඳහා ද යම් කාර්යභාරයක් මේ දක්වා ඉටු කරමින් සිටී.  මේ සම්බන්ධව සුහද කව නායක තුෂාර ප්‍රියදර්ශන මහතා මේ සම්බන්ධව දැක්වු අදහස් පහත වීඩියෝ පටයට අතුලත් කර ඇත.


33