*


එක්සිත් කවය - ආයතන අංශය

අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආයතන අංශයේ  ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති  ඵලදායීතා කවය "එක්සිත්  ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත. එහි සංයුතිය පහත පරිදි වේ.
කව නායක      :-- බී.සීතරංගා මිය.
කව සාමාජිකයින් :- රමණී මංගලිකා මිය, රෝහිණි චිත්‍රලේඛා මිය,  සුනේත්‍රා බණ්ඩාරනායක මිය, මෂිකා රාජකරුණා මිය, රවින්ද්‍ර ඒකනායක මහතා

කව නායක      :-- බී.සීතරංගා මිය.

කව සාමාජිකයින් :- රමණී මංගලිකා මිය, රෝහිණි චිත්‍රලේඛා මිය,  සුනේත්‍රා බණ්ඩාරනායක මිය, මෂිකා රාජකරුණා මිය, රවින්ද්‍ර ඒකනායක මහතාඑල්.ජී.ටීදිල්රාණි මිය, හිරන්ති සෙනෙවිරත්න මිය, සෙව්වන්දි තිලකරත්න මිය, චලනා දිසානායක මිය, හංසනී මහේෂිකා මිය, වසන්ති යටවරගෙදර මියකුමාරි මධුරසිංහ මියඋදේශි මාපා මිය, දුලීකා අතුකෝරාල මිය, ඉරේෂා චන්ද්‍රසිරි මිය, සඳනි පබසරා මිය, දිල්මිණි කනකරත්න මිය, ජයන්ත කුමාර මිය, M. සීමියන් මහතා, අජිත් පනාවල මහතා  හා සම්පත් පෙරේරා මහතා.


අනුරාධපුර කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22 ක ජනතාවගේ ප්‍රධාන ජීවිකාව වන්නේ ගොවිතැනයි. ඔවුන්ගේ වගා කටයුතු සඳහා වන සතුන්ගෙන් සිදුවන හානිය අතිමහත් වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස වගා ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කිරීම සිදු කරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් වසරක් තුළ ගිනි අවිලාභීන් 1700 දෙනෙකුගේ පමණ ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම සිදු කරන අතර, ඊට අමතරව නව ගිනි අවි නිකුත් කිරීම ද කරනු ලබයි. දිස්ත්‍රක් ලේකම් කාර්යාලයේ ආයතන අංශය මගින් සිදු කරන මෙම කාර්යභාරය වඩාත් සාර්ථකව සහ කාර්යක්ෂමව ඉටු කර ගැනීම සඳහා එම අංශයේ ක්‍රියාත්මක වන තත්ව කවය විසින් පවතින තත්වය සමාලෝචනය කර ඇත. මෙහි දී පහත සඳහන් ගැටළු කවය විසින් හඳුනාගෙන ඇත.

 

ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාද හා වැරදි අධික වීම..

 

 1. අතින් ලිවීමේදී සිදුවන දෝෂ - බලපත්‍රයහි බලපත්‍ර අංකයහැඳුනුම්පත් අංකය හා තුවක්කු

අංකය වෙනස් වීම‍.

 2. ලේඛණයේ විස්තර හා බලපත්‍රයේ තොරතුරු අතර වෙනස්කම් තිබීම,

 3. ඇතුළත් කිරීම් හා ඉවත් කිරීම් නිසි ලෙස සිදු නොවීම - වසර 10ක් වැනි කාලයක් බලපත්‍ර අළුත් නොකළ ගිනිඅවිලාභීන්ගේ  නම්  ඇතුළත් වීම, ගිනි අවිභාර දී තිබුණ ද ලේඛණයේ නම් ඉවත් නොකිරීම, පදිංචිය හැර ගිය අයගේ නම් ලේඛණයේ සටහන් වී තිබීම, ගිනිඅවිලාභීන්ගේ නාම ලේඛන ඉල්ලන පමාවෙන් පහසුවෙන් ලබාදිය නොහැකි වීම.

 4. ගිනිඅවිලාභීන් පිළිබඳ නිවැරදිව සංඛ්‍යාත්මක ලේඛන ලබාගත නොහැකිවීම.

 5. අධීක්ෂණ නිලධාරින් ලේඛන වගකීමෙන් අධීක්ෂණය කර නොතිබීම.

 

කවය විසින් ගැටළුවට හේතු සෙවීම සඳහා Born Theory (මාළු කටු නියාය.) ක්‍රමවේදය යොදා ගෙන ඇති අතර, බුද්ධකලම්බන න්‍යාය අනුසාරයෙන් ගැටළුව සඳහා විසඳුම් යෝජනා සකස් කර වඩාත් සුදුසු යෝජනාව ලෙස කව සාමාජිකයින් විසින් පිළිගත් දත්ත පද්ධතියක් සකස් කිරීම හා එමඟින් වාර්තා සහ බලපත්‍ර මුද්‍රණය කර ලබාගැනීම යන විසඳුම ක්‍රියාත්මක කර ඇත. මෙම පරිගණක වැඩ සටහන පරිපාලන නිලධාරී ඩබ්ලිව්.ඒ.සී.කේ.වික්‍රමසිංහ මහතා විසින් සංවර්ධනය  කොට ඇත.



දත්ත පද්ධතිය ක්‍රියාත්මක කිරීම මගින් ලබාගත් ප්‍රතිඵලය පහත සඳහන් පරිදි විය.

1. බලපත්‍ර මුද්‍රිත කර ලබා දීමෙන් ඉහත දෝෂ මග හැරීම සහ කාලය ඉතිරිවීම.

2. සෑම බලපත්‍ර හිමිකරුවෙකුගේම හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් එම ගිනිඅවිය සහ හිමිකරු පිළිබඳව සියළුම තොරතුරු ක්ෂනිකව සොයා ගත හැකිවීම.

3. සෑම ගිනිඅවි හිමිකරුවෙකුටම ස්ථීර අංකයක් ලබා දීමට හැකිවීම.

4. අතින් ලිවීමේදී ඇතිවූ දෝෂ මඟහරවා ගත හැකිවීම.

5. වාර්ෂිකව සකස් කරනු ලබන ලේඛණ මුද්‍රිත පිටපත් ලබා ගත හැකිවීම.

6.අදාළ වර්ෂයේදී බලපත්‍ර ලබා ගත් අයගේ සහ නොගත් අයගේ ලේඛණ වෙන වෙනම ලබාගත හැකිවීම.

6. විවිධ වාර්තා ලබා ගැනීමට පහසු වීම.

7. විගණන විමසුම්වලට පිළිතුරු සැපයීමට පහසු වීම.

 

විසඳුම ක්‍රියාත්මක කිරීමේ ආරම්භය දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.



ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  2020/01   දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර එක්සිත් කවය විසින්   ඉදිරිපත් කරන ලදි. කව සාමාජික මහත්ම මහත්මීන් විසින් නාට්‍යාණුසාරයෙන් සිදුකළ එම ඉදිරිපත් කිරීම සඳහා Power Point Presentation එකක් ද යොදා ගන්නා ලදි. නාට්‍යාණුසාරයෙන් සිදුකළ ඉදිරිපත් කිරීමට අදාල වීඩියෝව පහලින් දක්වා ඇති අතර, Power Point Presentation එකෙහි විස්තර ගොණු කර සකස් කරන ලද වීඩියෝව ඊට පහළින් ඇතුලත් කොට ඇත.





 පරිගණක දත්ත පද්ධතියක් හරහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරිමේ නව වැඩ සටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල ඉතා සාර්ථකව මේ වන විට ක්‍රියාත්මක වේ. එම ක්‍රමය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක තුලම සාර්ථකව ක්‍රියාත්මක කිරිම අරමුණු කරගනිමින් නව ක්‍රමවේදය භාවිතා කර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරිම පසුගියදා සිදු කෙරිණි. එහි අවස්ථා කීපයක ඡයාරූප පහළින් දක්වා ඇත.