*


ප්‍රභාෂ්වර කවය - ගිණුම් අංශය

අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ  ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති  ඵලදායීතා කවය "ප්‍රභාෂ්වර  ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත. එහි සංයුතිය පහත පරිදි වේ.

කව නායක      :-- එම්.ඒ.පී.ජේ.පුෂ්පා මිය.

කව සාමාජිකයින් :- ජේ. ආරියරත්න මයානීතානි කොඩිතුවක්කු මියසී.ආර්,එම්.එස්.පී.බී. වත්තේවැව මයාටී.සී.කේ. චන්ද්‍රෙස්කර මියජේ.එම්.එම්.එන්.ජයසුන්දර මියඑස්.වේරගොඩ මිය,  ටී.සී.ලොකුගම මියගාමිණී ජයතිලක මයාඒ.වී.ඒ,සී. අබේගුණසේකර මයාකේ.ඩී. කුමාරදාස මයාඑම්.ඒ.කේ.කේ. මුතුනායක මෙයඑස්.එච්. ජයවර්ධන මියචමෝදි සෙනරත් මෙයඑස්.ජී. ශ්‍රියානි පද්මලතා මියආර්.ඒ.එන්.එන්. රණවීර මියඒ.ඩී.සී. ජයතිස්ස මයාටී.ජී.ජී.අයි. ගුරුගේ මයාටී.නිමල් මයාඒ.බී. රත්නායක මයා හා ලක්මාල් වන්නිගේ මයා

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති මුල්‍ය නොවන වත්කම් පිළිබද විස්තරාත්මක තොරතුරු ඇතුළත් ලේඛනයක් නොමැතිවීම පිළිබඳව එම අංශයේ ක්‍රියාත්මක වන තත්ව කවය විසින් පවතින තත්වය සමාලෝචනය කර ඇත. මෙහි දී මුල්‍ය නොවන වත්කම් කළමනාකරණය සම්බන්ධව පහත සඳහන් ගැටළු පවතින බව කවය විසින් හඳුනාගෙන ඇත.

පැවති ගැටළු.

 1.  චංචල වත්කම්වල සුරක්ෂිත බව නොමැතිවීම.

2.  මුල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරිමට නොහැකි වීම.

3.  වත්කම්වල භාරකාරත්වය / වගකිම විධිමත්ව අදාල අංශ / නිලධාරීන්හට පවරා නොතිබීම.

4.  මුල්‍ය නොවන වත්කම් පිළිබද තොරතුරු ලබා දිමේදී

5.  නිවැරදි තොරතුරු ලබා දිමට  නොහැකි වීම.

6.  නිශ්කාර්ය වත්කම් / ඌන උපයෝජන වත්කම් පැවතීම.

  කවය විසින් විසඳුම් යෝජනා සකස් කර වඩාත් සුදුසු යෝජනාව ලෙස කව සාමාජිකයින් විසින් පිළිගත් දත්ත පද්ධතියක් සකස් කිරීම හා එමඟින් වාර්තා මුද්‍රණය කර ලබාගැනීම යන විසඳුම ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වත්කම් කළමනාකරණයට අදාළ රාජකාරි  ක්‍රියාත්මක කිරීම සඳහා MS ACCESS දත්ත පද්ධතියක් සකස් කර භාවිතයට ගෙන ඇත.






වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයට අදාළ භාණ්ඩාගාර 66 ආකෘතිය ඉතා ඉක්මණින් සකස් කර ගැනිමට හැකි වීම.

2. ඕනෑම අංශයක ඇති වත්කම් පිළිබඳ අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා ගැනීමට හැකිවීම.

3. සිගාස් වැඩසටහනට වත්කම් තොරතුරු ගිණුම්ගත කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීමට හැකිවීම.

4. වත්කම්වල වගකීම පැවරීමේ ලිපි නිකුත් කිරීමට හැකිවීම.

5. ස්ථාවර වත්කම් ලේඛනය පහසුවෙන් සකස් කිරීමට හැකිවීම.

 ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර  ප්‍රභාෂ්වර කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.





3