*


දහම් කවය - සංවර්ධන අංශය

 අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයේ  ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති  ඵලදායීතා කවය "දහම්  ඵලදායිතා කවය" ලෙස නම් කොට ඇත. එහි සංයුතිය පහත පරිදි වේ.

කව නායක - කාන්ති පියතිස්ස මිය

කව ලේකම් - ආර්.එම්.එස්.එස්.රත්නායක මයා

සෙසු සාමාජිකයින්

ඒ අනුරා බස්නායක මිය

එස්.ටී.ජනිතා චන්ද්‍රානි මිය

ආර්.ජී.එම්.එස්.රත්නසිංහ මිය

එච්.එම්.අශානි හේරත් මිය

ඩී.එන්.ධම්මික ප්‍රියන්ත මහතා


ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  2020/11/27 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී එම කවය විසින් ඉදිරිපත් කල පළමු ඉදිරිපත් කිරීම.

එම ඉදිරිපත් කිරීම අනුව කව රැස්වීමක දී විවිධ රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධව කාර්යාලයේ පවතින තත්වය සමාලෝචනය කර ඇත. එහි දී පවතන තත්වයේ ගැටළු කීපයක් හඳුනා ගෙන ඇත.

 

හඳුනාගත් ගැටළු.

 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  විවිධ රැස්වීම් සංවිධානය කිරීම සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්යක් වුවත්, ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා රැස්වීම් වලට කැඳවීම් කිරීමේදී බොහෝවිට සිදුවන්නේ එකී විෂය අදාළ අංශය මගින් කැඳවීමේ ලිපි යැවීමයි.

 

මේ නිසා පහත සඳහන් ගැටළු ඇතිවීම.

 

1. එකම දිනයකදී රැස්වීම් 02 ක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරු කැඳවීම,

2. එම කැඳවීම් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් නොවීම, 

3. එකම දිනයකදී කළ හැකි දැනුවත් කිරීම් සඳහා ආසන්න දින 02 කදී ප්‍රාදේශීය ලේකම්වරු කැඳවීම.

 

විසඳුම.

ප්‍රාදේශීය ලේකම්වරු රැස්වීම් සඳහා කැඳවනු ලබන දිනයක් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මේල් හි ගූගල් දින දර්ශනය මගින් ප්‍රදර්ශනය කිරීම.

 

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  2020  දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර තියුණු කවය විසින්  Power Point Presentation  අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. එම ඉදිරිපත් කිරීම පහත සඳහන් පරිදි විය.





මේ සම්බන්ධව විස්තර පැහැදිලි කෙරෙන වීඩියෝවක් ඉදිරිපත් කළ අතර එය පහත දක්වා ඇත.