*


විකුම් කවය - සංස්කෘතික අංශය, ප්‍රවෘත්ති අංශය, පුපුරණ ද්‍රව්‍ය අංශය හා ජාතික ළමාරක්ෂක අධිකාරිය

 සංස්කෘතික අංශය, ප්‍රවෘත්ති අංශය, පුපුරණ ද්‍රව්‍ය අංශය හා ජාතික ළමාරක්ෂක අධිකාරිය යන අංශ  දිස්ත්‍රික් ලේකම් යටතේ පවතින දිස්ත්‍රික් කාර්යාලයන්ය. එම කාර්යාලයන්හි ඵලදායිතාව ඉහල නැංවීම සඳහා පිහිටුවා ඇති ඵලදායිතා කවය "විකුම් ඵලදායීතා කවයලෙස නම් කොට ඇත. කව සංයුතිය පහත පරිදි වේ.

 කවයේ සභාපති - ඒ.කේ.සිරිවර්ධන මයා -  දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි

කවයේ ලේකම් - ෂෙල්ටන් බණ්ඩාර මයා  - ප්‍රවෘත්ති නිලධාරි

කවයට අයත්  සෙසු සාමාජිකයින්

 සංස්කෘතික අංශය  - ඩී.එම්.අනෝමා කුමාරි මෙය, ටී.එම්.දිනූෂ රත්නායක මයා, සුමුදු මධූෂා එදිරිසිංහ මෙය. ප්‍රවෘත්ති අංශය - ෂෙල්ටන් බංඩාර මයා, හෂිනි විජේරත්න මිය. පුපුරණ ද්‍රව්‍ය අංශය -  ශිරන්ති හේරත් මිය, ග්‍රේස් රත්නාකය මෙය. ජාතික ළමාරක්ෂක අධිකාරිය - එම්.එම්.මහේන්ද්‍ර දිසානායක මයා. පොහොර ලේකම් කාර්යාලය - එස්.පී.එම්.බී.විජේවර්ධන මයා, ඒ.ටී.එම්.අජිත් කුමාර මයා,  ඩබ්.එම්.එස්.පී.වැලිකන්න මිය. හා  ඒ.යූ.කේ.ද සිල්වා මෙය


මෙම කවයට අයත් අංශ වල සියළු නිලධාරින් එක්ව කව රැස්වීම් පවත්වන අතර, එහිදි සෑම අංශයකම පවතින ගැටළු සදහා විසදුම් සෙවීමට  යෝජනා ඉදිරිපත් කර ඇත. මෙහිදී හදුනා ගත් ගැටළු අතරින් සංස්කෘතික අංශයේ හදුනාගත් ගැටළු විසදීම සදහා ප්‍රමුඛතාව ලබාදෙන ලදි. එහිදී සංස්කෘතික අංශයේ එදිනෙදා රාජකාරි කටයුතු සිදු කිරීමේ දී හදුනාගත් ප්‍රධාන ගැටළු 2 ක් සදහා විසදුම් සෙවීමට යෝජනා විය.

1. ජාතික උත්සව, ආගමික වැඩසටහන්, දිස්ත්‍රික් මට්ටමින් පවත්වන උත්සව, තරඟ සහ ක්ෂේත්‍රයට අදාල සියළු කලා කටයුතු යනාදිය සංවිධානය කිරීම සදහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා ගැනීමට තිබෙන අපසහුතාවය. 

2. දිස්ත්‍රික්කය තුළ කලායතන පිහිටි ස්ථාන සොයා ගැනිමේ අපහසුව. 

ඉහත ගැටළු අවම කර ගැනීම සදහා අත්වැල් සැපයෙන ක්‍රමවේදයන් හඳුනා ගෙන ක්‍රියාවට නංවා ඇත. 

1. දිස්ත්‍රික්කයේ විවිධ අංශ නියෝජනය කරන සියළුම කලාකරුවන්ගේ තොරතුරු , කලායතන පිලිබඳ තොරතුරු, දේශීය වෛද්‍යවරුන්ගේ සහ අගහිග කලාකරු ආධාර ලබන කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම. 

2. කලායතන පිහිටි ස්ථාන Google Map හි සිතියම්ගත කිරීම. 

ඵලදායිතා කව වැඩි දියුණු කිරීම් ඉදිරිපත් කිරීම හා ඇගයීම වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේ දී මෙම වැඩි දියුණු කිරීම පිළිබඳ විස්තර විකුම් කවය විසින්  Power Point Presentation  එකක් හා වීඩියෝ අනුසාරයෙන් ඉරිපත් කරන ලදි. ඉදිරිපත් කළ Power Point Presentation  එක පහත වීඩියෝවට ඇතුලත් කර ඇත.


කලාකරුවන්ගේ තොරතුරු , කලායතන පිලිබඳ තොරතුරු, දේශීය වෛද්‍යවරුන්ගේ සහ අගහිග කලාකරු ආධාර ලබන කලාකරුවන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා සකස් කළ දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය විස්තර කර ඩීඩියෝ පටියක් ද ඉදිරිපත් කල අතර එය පහතින් දක්වා ඇත.


කලායතන පිහිටි ස්ථාන Google Map හි සිතියම්ගත කිරීම කර ඇති ආකාරය විස්තර කරන ඩීඩියෝ පටියක් ද ඉදිරිපත් කල අතර එය පහතින් දක්වා ඇත.