*


ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දින චිත්‍ර තරඟයේ සහතික පත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අතින් පිරිනැමේ.

සැප්තැම්බර් මස 15වන දිනට යෙදෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමිවප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව සමාජ අවධානය යොමු කිරිමේ අරමුණින් 2020 වර්ෂයේ පැවති කාටුන් චිත්‍ර තරගයේ සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2021/01/22 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්වුණි.




 ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ජන්ද බලය යන මාතෘකාව යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල රජයේ හා පෞද්ගලික පාසල් මෙන්ම විවෘත යන අංශයන්ගෙන් ජයග්‍රහණ හිමිකරගත් 18 දෙනෙකුට සහතික හා ත්‍යාග ලබාදීම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙ සදහා පාසල් අංශයෙන් 8දෙනෙකු හා විවෘත අංශයෙන් 10දෙනෙකු තොරාගන්නා ලදි. පළමු ස්ථානයට රුපියල් දස දහසක තිලිණයක් සමග සහතිකපතක්දෙවන ස්ථානයට රුපියල් හත්දහස් පන්සියයක තිලිණයක් සමග සහතිකපතක්තෙවන ස්ථානයට රුපියල් පන්දහසක තිලිණයක් සමග සහතිකපතක් හිමිවීය. තවත් දස දෙනෙකුට කුසලතා සහතික පත් හිමිවිය. මුල්‍යම දායකත්වය ලබාගෙන ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවේ උපායමාර්ග සැලැස්මට සමගාමීමහජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේයි.



අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මගින් සංවිධාන කල මෙම වැඩසටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්.රුවන් බණ්ඩාර නවරත්න මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. අයෝමි රත්නායක මෙනවිය සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බි.එම්. සුෆ්යාන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූහ.

 

(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)



අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය 2020

 අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කළ 2020 සාහිත්ය කලා මහෝත්සවය 2021/01/19 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයාලයේ දී පැවැත්විණි. ඒ් මහ දිසාපති නීතීඥ ආර්.එම් වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයන්.



මෙහිදී පැමිණි පිරිස අමතමින් මහ දිසාපතිවරයා ප්‍රකාශකර සිටියේ වත්මානයේ නවින තාක්ෂණය හේතුවෙන් නිර්මාණශීලි බුද්ධියපරිකල්පනය වැනි නිර්මාණ කරුවෙකුට සුවිශේෂි ගුණාංග බොහෝ දෙනාගෙන් ගිලිහෙමින් පවතින බවයි. තවද ස්භාව ධර්මය හා ගැටිමට අද දරුවනට කාලයක් නොමැති විම හේතුවෙන් සාහිත්‍ය නිර්මාණයන් පසු බෑමකට ලක්ව ඇති බවද ඒතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.


දිස්ත්‍රික් මටිටමේ ජයග්‍රහණ හිමිකර ගන් පාසල් හා විවෘත යන අංශයන් වලින් අත්අකුරුළමා කතන්දර කෙටිකතා‚ ශබ්දකෝෂ ශාස්ත්‍රීය ලිපිආදි තරග ඉසව් රැසකින් ජයග්‍රහණය කල දරුදැරියන් 134 දෙනෙකු ත්යාග හා සහතික පත් ලබා ගත්හ. සිංහලදෙමලඉංග්‍රීසි යන මාධ්‍යන්ගෙන් තරග පැවතිමත් එම තරග සදහා ඔනෑම මාධ්යකින් සහභාගි විමට හැකිවිමත් විශේෂ කරුණකි.


මෙහිදී ළමා කතන්දර පිලිබද දේශනයක් ප්‍රවීන ළමා කතන්දර රචිකාවක් වන දිනේශා චතුරන්ගණි මහත්මියත්කෙටිකතා පිලිබද දේශනයක් එම්.ඒ. සන්ධ්‍යා මධුරසිංහ මහත්මියත්පැමිණි දරුවන් හමුවේ ඉදරිපත් කලහ. තවද කිවිවර කොහොලන්වල කරුනාපාල මහතාගිපද රචක කරුණාරත්න ජයතිලක මහතාකලාසුරි යු මුනිදාස මහතා හා දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ලයේ ලේකම් මැටිල්ඩා අධිකාරම් මහත්මිය යන කලාකරුවන් මෙන්ම දිස්ත්‍රික් සංස්කාතික නිලධාරී ඒ.කේ . සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)


 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව පරිගණක විද්‍යාගාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල පරිගණක විද්‍යාගාරයක් 2021/01/18 දින ආරම්භ කල අතර, එම අවස්ථාවට එක් වූ මහ දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීමට නම් සෑම තරාතිරමකම රාජ්‍ය නිලධාරීන් තාක්ෂණ ඥානයෙන් පොහොසත් විය යුතු බවයි.

සේවාවන්හි නිවැරදි බව හා කඩිනම් බව උදෙසා මෙහි දී ලබන පුහුණුවෙන් ප්‍රයෝජන ලබාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මේ අවස්ථාවට එක් වූ රාජ්‍ය නිලධාරීන් අමතමින් දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම විද්‍යාගාරය තුල ඇති පරිගණක සංධ්‍යාව 50 කි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට පමනක් නොව වෙනත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ද මෙම පරිගණක විද්‍යාගාරයෙන් පරිගණක දැනුම ලබා ගැනීමට හැකිව පවතී.

ඒ සඳහා අවශ්‍ය පාඨමාලා සැලසුම් කිරීම සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක මෙනවියගේ මූලිකත්වයෙන් සිදුවෙමින් පවතී. අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් බණ්ඩාර නවරත්න මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපතිවරයා විසින් ගත් මෙම කාලෝචිත තීන්දුව ඉතා කඩිනමින් මල්ඵල ගැන්වීමට හැකිවීම සතුටට කරුණක් බවයි. මේ සදහා හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් හා වත්මන් ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මේ වෙනුවෙන් කැප වූ බව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සිහිපත් කළේ ය.

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අනුරාධ දිසානායක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)



රජයේ උපදෙස් අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල 2021 ජනවාරී 01 දින රාජකාරි ඇරඹුම.

 

2021 නව වර්ෂයේ රජයේ උපදෙස් මත රාජකාරි කටයුතු ආරම්භ කිරීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අද කටයුතු කළා. ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

 රට හදන සෞභාග්‍යයේ දැක්මරජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සමෘද්ධිමත් දේශයක් කරා යන ගමනට රජයේ නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමත්, ඒ සඳහා කැපවීමෙන් වැඩ කිරීමේ ආකල්පමය වෙනස ඇති කිරීමටත් රජය දස ප්‍රතිඥාවන්ගෙන් යුක්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

 

ඒ අනුව 2021 රාජකාරී කටුයතු ආරම්භ කරන පළමු දිනයේ දී ආයතනයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය උපදෙස් ලබා දී තිබේ. එහි ප්‍රධාන උත්සවය පෙ.ව.09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවැත්වෙන අතර, ඊට සමගාමීව රට පුරා සියලු රාජ්‍ය ආයතනවල මෙම උත්සවය සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

 

කාර්යාලය ඉදිරිපිට දී ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ඇතුලු සියලුදෙනා සැමරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීම සිදු කෙරිණි.


 
ඉන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාවට අනුව දිවුරුම් දීම සිදු විය. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් පිලිබඳව විශේෂ පැහැදිලි කිරීමක් පාසල් සෞඛ්‍ය වෛද්‍ය හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කිලෝෂිණී හෙන්දවිතාරණ මහත්මිය විසින් සිදු කරන ලදි. මේ වන විට අනුරධපුර දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 15000 ක පමණ සංඛ්‍යාවක් සිදුකර ඇති බවත්, එම පරීක්ෂණ වල දී ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගත් ගෙන ඇති බවත් ප්‍රකාශ කළ කිලෝෂීණී මහත්මිය, තමන් අසල සිටින තැනැත්තා කොවිඩ් ආසාදිතයකු යැයි සැකයෙන් ජීවත් වීම කාලෝචිත බව ද සඳහන් කළා ය. කිලෝෂීණී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ , දුරස්ථභාවය සුරක්ෂා කිරීම , ස්වසන ආචාරවිධි පවත්වා ගැනීම , දෑත් සේදීම හා මුව ආවරණ පැළඳීම යන සිව්වැදෑරුම් සෞඛ්‍ය පිළිපදින්නේ නම් මේ වෛරසය ආසාදනය වීමෙන් වැලකිය හැකි බවයි. මෙතෙක් අනුරාධපුරයෙන් හමු වූ බොහෝ කොරෝනා රෝගීන් මෙම සෞඛ්‍ය ක්‍රම අනුගමන කර නොමැති බව ද ඇය කියා සිටියා. 
 

 ඉන් අනතුරුව මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරමින් කාර්යාල පරිශ්‍රයේ සියලුදෙනා වෙත ආශිර්වාදය ලබා දුන් අතර, නිලධාරීන් අමතා දිසාපතිතුමා විසින් විශේෂ දේශනයක් ද සිදු කෙරිණි.



 උත්සවය අවසන් වූයේ සියලු දෙනාම සංග්‍රහයක් ද භුක්ති විඳීමෙන් අනතුරුවයි.


(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)