*


73 වන නිදහස් දින අනුරාධපුර සැමරුම් උත්සවය

73 වන නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් උත්සවය 2021/02/04 දින පෙ.ව.08.30 ට  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවති අතර, උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරුමැද පලාත් ආණ්ඩුකාරවර ගරු මහීපාල හේරත් මැතිතුමා එයට සහභාගි විය. ආණ්ඩුකාරතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ උළෙල ආරම්භ වු අතර, ආණ්ඩුකාරතුමා පිළිගනු ලැබූවේ අනුරාධපුර දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා විසිනි.


ගරු ආණ්ඩුකාරතුමා විසින් ජාතික ධඡය එසවීමෙන් පසු, පැමිණ සිටි පාසැල් දරු දැරියන් විසින් ජාතික ගීය ගායනා කළ අතර ඉන් අනතුරුව  පොලිස් ආචාර පෙළපාලිය එතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ජාතිය වෙනුවෙන් දිවි පිදූ උදාර රණවිරුවන් සිහිපත් කිරීම ඉන් අනතුරුව සිදුවිය.



බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වීම ඉන් පසුව ආරම්භ විය. එහි දී බෞද්ධ ආගමික වතාවත් පවත්වා කෙටි අනුශාසනාවක් කල සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ ප්‍රකාශ කළේ නිදහස ලබා සිටියද අප රට තුල අනෙකුත් රටවලට සාපේක්ෂව සංවර්ධනයේ පසුබෑමක් පවතින බවයි. පසුව හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු විය. 
ඉන් අනතුරුව පැමිණි සිටි සම්භාවනීය පිරිස් පිළිගත් දිසාපති නීතීඥ ආර්.එම්.වන්නිනායක මහතා දිනා ගත් නිදහස අලලා විශේෂ අදහස් දැක්වීමක් ද සිදු කරන ලදි.

රජය නියෝජනය කරමින් පැමිණි උතුරුමැද පලාත් ආණ්ඩුකාර ගරු මහීපාල හේරත් මැතිතුමා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ නිදහස සමරන මොහොතේ අතිගරු ජනාධිපතිතුමා හා රජය ගෙනයන වැඩ පිළිවලට සහය දැක්වීමට අප සියලු දෙනා කතිකා කරගත කලයුතු බවයි. 

නිදහස සිහිගන්වන සංස්කෘතිකාංග කිහිපයකින් උත්සවය හැඩ විය. නර්තනාංග ඉදිරිපත් කළේ උතුරුමැද පලාත් සංස්කෘතික අධ්‍යක්ෂවරියගේ මෙහෙයවීම යටතේ පලාත් නර්තන කණ්ඩායම විසිනි.

73 වන නිදහස් දින අනුරාධපුර දිස්ත්‍රික් උත්සවය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අතර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උද්දික  ප්‍රේමරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපලක් ද මෙම අවස්ථාවට සභාගී විය. 73 වන නිදහස් දින උත්සවයට සමගාමීව කාර්යාල භූමියෙහි පැළ රෝපනය කිරීම ද උතුරු මැද පළාත් ආණුඩුකාර ගරු මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.  
උතුරු මැද පලාත් ප්‍රධානලේකම් , අනුරාධපුර අතිරේක දිසාපති එන්.එම්.එන්.රුවන් බණ්ඩාර නවරත්න මහතාසහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක මෙනවිය ඇතුළු උතුරු මැද පලාත් සභාවදිස්ත්‍රික් ලේකම් කාර්යාලයහා දිස්ත්‍රික්කයේ අනෙකුත් රජයේ කාර්යාල නියෝජනය කරන රජයේ නිලධාරීන් විශාල පිරිසක් හා නිවන්තක චේතිය මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපය දරු දැරියන් ද මේ අවස්ථාවට සහභාගි විය. මෙහි විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝ පටය District Secretariat Anuradhapura YouTube Channel හි දී නැරඹිය හැක. පිවිසිය හැකි ලින්ක් එක. 73rd Independence Day - Anuradhapura District Celebration

 

(විස්තර හා ඡයාරූප අනුග්‍රහය - රජයේ ප්‍රවෘත්ති නිලධාරී ෂෙල්ටන් බණ්ඩාර මහතාදිස්ත්‍රික් මාධ්‍ය ඒකකයඅනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)