*


ඵලදායිතා සංකල්ප

පිළිවෙලකට වැඩ කටයුතු කිරීමට එස් පහ ක‍්‍රමය අනුගමනය කරමු.

සෑම වචනයක්ම “S” අකුරෙන් පටන් ගන්නා වචන පහක් නිසා එස් පහයනුවෙන් මෙය හඳුන්වා දේ.ජපානයේ උපත ලද මේ එස් පහ සංකල්පය ඵලදායිතාවයනුවෙන් ද හඳුන්වා දේ. එස් පහ සංකල්පය ජපානයේදී හඳුන්වා දීමට ප‍්‍රථම ලෝකයේ බොහෝ දෙනා අනුගමනය කළද ඒ සංකල්පමය වශයෙන් නොවේ. සංකල්පමය වශයෙන් මෙය හඳුන්වා දුන්නේ ජපානයයි. ජපන් වැසියන් ඵලදායිතාව ඉහළ නැංවීමේ උපක‍්‍රමයක් ලෙසින් එස් පහ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්හ. ඒ අනුව එස් පහ ක‍්‍රමය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය ජපන් ජාතිකයන්ට හිමිවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ ආර්ථික දේශපාලනික ආගමික සංස්කෘතික ආදී සෑම අංශයක් ම බිඳ වැටුණත් රට සීඝ‍්‍ර දියුණුවක් කරා රැගෙන යාමට ඔවුන් ඉවහල් කර ගන්නා ලද්දේ එස් පහ සංකල්පය හෙවත් ඵලදායිතාවයි. ජපන් ජාතිකයෝ කර්මාන්ත ශාලා පාසල් රජයේ ආයතන යන ආදී සෑම ස්ථානයක්ම ඉහළ ස්ථානයක් කරා රැගෙන යාමට ඵලදායිතාව පිළිබඳ පංචවිධ සංකල්පය යොදා ගන්නා ලදී.

*සෙයිරි (අනවශ්‍ය දේ ඉවත් කිරීම) අවශ්‍ය දේ හා අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ ඉවත් කිරීම.
*සෙයිතොන් (අවශ්‍ය දේ විධිමත් ව ඇසිරීම) - පහසුවෙන් හඳුනාගත හැකි හා පහසුවෙන් භාවිතයට ගත හැකි අයුරින් පිළිවෙළට තැබීම
*සෙයිසෝ (පිරිසිදු කිරීම) : ඉතාමත් පිරිසිදුව තම සේවා ස්ථානය පවත්වා ගෙන යාම
*සෙයිකෙත්සු (ක්‍රමානුකුල බව) - සංවිධාන බව, සුපිළිවෙළ, සුපිරිසිදු බව අඛණ්ඩව පවත්වාගෙන යෑම
*සෙත්සුකේ (විනයානුකුල බව) - සියළු දෙනා දැඩි නීති ගරුක බවින් සහ හොඳ හික්මීමකින් වැඩ කිරී

5S ගැන තවදුරටත්,

 5S ලෙස හඳුන්වන්නේ ජපන් භාෂාවේ එන seiri, seiton, seiso, seiketsu හා shitsuke යන වචන පහේ මුල් අකුරුයි. මෙම සංකල්පය ඉතාමත් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි අතර ඕනෑම අයෙකුට තේරුම් ගත හැක. 5S ඵලදායිතාවය වර්ධනය කිරීමේ අත්තිවාරමක් ලෙසද දැක්විය හැක.

5S වල පියවර

1. සංවිධිත බව (seiri)

මෙමගින් කියවෙන්නේ අනවශ්‍ය දේ ඉවත් කර අවශ්‍ය දේ ළඟ තබා ගන්නා ආකාරයයි. මෙහිදී මුලින්ම කළ යුත්තේ අවශ්‍ය හා අනවශ්‍ය ලෙස සියලුම ද්‍රව්‍ය වර්ග කිරීමයි. මෙසේ අනවශ්‍ය දේ ලෙස වෙන් කළ සියල්ල නැවත වර්ග කළ හැක. එනම් අනවශ්‍ය සුළු හෝ වටිනාකමක් නැති, ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි බස් ටිකට්, ලිපි කවර, කැඩුණු වීදුරු, වේයන් කා දැමු ලී ආදී දෑ මුලින් ඉවත් කළ යුතු වේ. ඉන්පසු අනවශ්‍ය එහෙත් වටිනාකමක් ඇති පත්තර, එකතු වූ බෝතල්, විකිණිය හැකි යකඩ කැබලි ආදිය වෙනම වෙන් කළ හැකිය.

මේවා පසුව විකුණා දැමීමෙන් අමතර ආදායමක් උපයා ගත හැක. මෙමගින් අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් වන අතර මුදල් පසුම්බියටත් වාසි සැලසේ. අවසානයේ වටිනාකමක් නැති නමුත් ඉවත් කිරීමට අපහසු පරණ මේස ලාම්පු, යකඩ පෙට්ටි ආදිය වෙනකොට ගබඩා කාමරයක වෙනම තැන්පත් කළ හැක.

අනවශ්‍ය සියල්ල වෙන් කළ පසු ඉතිරි වන්නේ තමන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩයි. මෙහිදී තමාට නිතර අවශ්‍ය වන ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක තැබිය යුතුය.

2. සුපිළිවෙල (seiton)

ඉහතින් තෝරාගත් අවශ්‍ය සියල්ල පිළිවෙලකට සකස් කළ යුතු බව මෙයින් කියවේ. අවශ්‍ය ද්‍රව්‍ය නිසි ලෙස ස්ථාන ගත කිරීමෙන් ඒවා සොයා ගැනීම පහසු වේ. මෙහිදී තමාට යම් උවමනාවක් ඇති වූ විට ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ සෙවීමට විශාල කාලයක් වැය කළ යුතු වන්නේ නැත. මෙහිදී සෑම දෙයක් සඳහාම නිශ්චිත ස්ථානයක් වෙන් කිරීම වැදගත් වේ. එම ස්ථානයේ වෙනත් කිසිදු ද්‍රව්‍යයක් තැබීම සිදු නොකළ යුතුය.



3. සුපිරිසුදුකම (seiso)

පිළිවෙලකට තැබූ දේවල් ඉතාම පිරිසිදු තත්වයේ තැබිය යුතු බව මෙයින් කියවේ. දිනපතා එම බඩු භාණ්ඩ පිරිසිදු කිරීම මෙහිදී වැදගත් තැනක් ගනී. කාර්යාලයක් වැනි ස්ථානයක නම් දිනපතා පිරිසිදු කිරීම අපහසු විය හැක. මේ නිසා අවම ලෙස සතියකට දිනයක් හෝ යොදාගෙන පිරිසිදු කිරීම කළ යුතුය. පිරිසිදු කම පරික්ෂා කිරීම ආයතනයේ ප්‍රධානියාට හෝ ඒ සඳහා විශේෂයෙන් පත් කළ නිලධාරියෙකුට පැවරිය යුතුය.

4. සම්මිතිය (seiketsu)

ඉහත පියවර තුනේදී අනුගමනය කරන ලද සංවිධිත බව, සුපිළිවෙල, හා සුපිරිසුදුකම වැඩි දියුණු කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් සිදු කෙරේ. මෙහිදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වඩා වැදගත් වන්නේ අඛණ්ඩව වැඩි දියුණු කිරීමයි. උදාහරණයක් ලෙස ඉහත පියවර ඔස්සේ ඔබගේ නිවසේ අනවශ්‍ය සියල්ල ඉවත් කර, අවශ්‍ය දෑ පමණක් පිළිවෙලකට සකස් කර, නිතරම පිරිසිදුව තබා ගැනීමට ඔබට හැක. මෙය අඛණ්ඩව කරගෙන යන අතර නිවසේ අලංකාරය වැඩි කිරීමට මල් වැවීම, අලුත් තිර රෙදි දැමීම වැනි විවිධ දේ කිරීමටද හැකියාව තිබේ. මේවා සිදු කෙරෙන්නේ සම්මිතිය අදියර තුළදීය.

මෙම පියවරේදී ප්‍රගතිය මැන බැලීමද කළ යුතු වේ.කාර්යාලයක් හෝ ආයතනයක් තුළ නම් ප්‍රගතිය පරීක්ෂා කිරීමට ආයතනයේ ප්‍රධානියාට වගකීමක් පැවරේ. නමුත් නිවසක නම් නිවසේ සිටින වැඩිහිටියෙකුට මෙය සිදු කළ හැක. තමාටම වුවත් මෙහි ප්‍රගතිය මැන ගැනීමට බාධාවක් නැත.

5. ශික්ෂණය (shitsuke)

මෙමගින් අදහස් වන්නේ 5S සංකල්පය පිළිබඳව අන් අය දැනුවත් කිරීම හා   5S සංකල්පය පුරුද්දක් බවට පත් කර ගන්නා ආකාරය පිළිබඳවයි. සියළු දෙනාටම අහුන්කන්දීම, නීති ගරුක වීම, නීතිය අකුරටම පිළි පැදීම, නියමිත වේලාවට නියමිත දිනට හා පිරිසිදුව වැඩ කිරීම.  පිළිවෙලකට, ක්‍රමවත්ව වැඩ කරන විට වෙනදාට කාලය ඉතිරි වේ. මේ නිසා ඇති වූ දියුණුව දුටුවිට මිතුරන් එයට හේතුව අසනවා නොඅනුමානය. එවිට 5S සංකල්පය පිළිබද ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කිරීම. මුලාශ්‍රය : ඵලදායිතාවය පිළිබද පංචවිධ සංකල්පය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය නිකුත් කළ ලිපි හා අන්තර් ජාලයෙන්. 


ජපන් ජාතිකයන් එස් පහ කි‍්‍රයාත්මක කිරීමෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා ගන්නා ලදී. ඒ අතර ඕනෑම කටයුත්තකදී ඕනෑම ආයතනයක පාසලක වෙසෙන සෑම දෙනාම අදාල කටයුත්තට දායක කර ගැනීම. තනිව වැඩ කරනවාට වඩා එක්ව කටයුතු කිරීමෙන් ශක්තිමත් බවක් ඇති වීම, ඕනෑම කාර්යයකදී ආරම්භය හොඳ පදනමක් මත සකස්වීම, අනතුරු වළක්වා ගැනීම මේ අතර වේ.එස් පහ ක‍්‍රමය අනුගමනය කිරීමේ ප්‍රතිඵල වශයෙන් ජපන් ජාතිකයෝ සීඝ‍්‍ර දියුණුවක් ලබාගන්නා ලදී. ජපානයේ නිර්මාණය වූ එස් පහ සංකල්පය රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන හා පාසල් වල පමණක් නොව සෑම නිවසකම පාහේ කි‍්‍රයාත්මක කරන්නට වීය. ඒ අනුව පසුකාලීනව එස් පහ සංකල්පය ජපන් ජනතාවගේ ජීවිතය හා බැඳී සංකල්පයක් විය. 

1946 දී ජපානයේ ජපාන විද්‍යාඥයින්ගේ සහ ඉන්ජිනේරුවරුන්ගේ සංගමය ආරම්භ  වූ අතර ඔවුන් 1949 සිට කළමණාකරුවන් සහ ඉන්ජිනේරුවරුන් තත්ත්ව කව පිළිබඳව දැනුවත් කිරීම සඳහා පුහුණු ආරම්භ කළ අතර, පසුව එය ගුවන් විදුලි සහ රූපවාහිනිය වැඩසටහන් දක්වා ව්‍යාප්ත විය. වර්තමානයේ අප විසින් අනුගමනය කරන තත්ත්ව කව ක්‍රමවේදය හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ ජපන් ජාතික මහාචාර්යය වරයකු වන Kaoru Ishikawa වෙතටය.

තත්ත්ව කව ඉතිහාසය

දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයේ නිෂ්පාදිත භාණ්ඩ වල මිල අඩුවුවත් ඒවායෙහි ගුණාත්මක භාවය පහල මට්ටමක පැවති නිසා ලෝක වෙළඳපල තුල තරගකාරී වීමට නොහැකි විය. එමනිසා 1946 දී ජපාන වියතුන් අන්තරජාතික වශයෙන් ක්‍රියාත්මක තත්ත්ව පාලන ක්‍රියාකාරකම් අධ්‍යනය කර යුද්ධයෙන් විනාශ වී නැවත ඉදිකරන කර්මාන්ත ශාලා සඳහා නවතම තත්ත්ව සංකල්ප හඳුන්වාදෙන ලදී. ඩබ්. ඊ. ඩෙමින් විසින් 1950 දී පවත්වනු ලැබූ තත්ත්ව පාලනය පිලිබඳ දේශනයකින් පසු ජපානයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නවතම පෙරලියක් ඇතිවිය. ඒ හරහා ඇතිවූ පිබිදීම මගින් නිෂ්පාදන දෝෂ හඳුනාගන, ඒවා අවම කරගනිමින් උපරිම එලදයීතාවයක් ලබාගැනීම සඳහා ලොව සිටි සියලුම නිෂ්පාදන කර්මාන්තශාලා ක්‍රියාත්මක විය. කාලයත් සමග විවිධ ක්‍රමවේද මගින් තත්ත්ව කව (Quality Circles) සංකල්ප වර්ධනය වූ අතර මුලික හඳුන්වාදීම් පදනම් කරගනිමින් පැවතීම ද විශේෂයකි.

තත්ත්ව කව හැඳින්වීම

තත්ත්ව කවයක මුලිකවම සිදුවන්නේ ගැටලුව හඳුනාගන , එය විග්‍රහ කර විසඳුම් සෙවීමයි. තරඟකාරී වෙළඳපොළක් තුල පරිභෝගකයා භාණ්ඩයක් තොරා ගැනීමේදී තත්ත්වය, මිල යන සැසඳීම කරමින් යමක් මිලදී ගනියි. එමනිසා භාණ්ඩ සහ සේවා සපයන ආයතන දිනපතා ම උපායමාර්ගිකව තම ආයතනය, භාණ්ඩ සහ සේවා කළමනාකරණය කල යුතුයි. ජපාන ඉංජිනේරුවන් සහ විද්වතුන්ගේ සංගමය නිර්වචනය කරන ආකාරයට, තත්ත්ව කවයක් යනු "භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා එම ක්‍රියාවලිය මෙහෙයවීම සහ පාලනය කරගන යනු ලබන ඉදිරිපෙළ ක්‍රියාකාරීන්ගේ කුඩා කණ්ඩායමකි". ආයතනයක් තුල තත්ත්ව කව කිහිපයක් පැවතිය හැකි අතර ඒවා බෝගොවිට කුඩා කණ්ඩායම් ලෙස පවතියි. ආයතනයේ ඉහල සිට පහල දක්වා සියලුම නිලධාරීන් මෙම කවතුල ක්‍රියාකාරී සාමාජිකයන් විය හැකියි.(අන්තර්ජාල ලිපි ඇසුරින් සකස් කර ඇත)මේ පිළිබඳව ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සකස් කර තිබු වැඩ සටහනක් ඇසුරින් සකස් කළ වීඩියෝ ක්ලිප් එකක් පහතින් දක්වා ඇත.

ගැටළු හඳුනා ගැනීම, විශ්ලේශණය කිරීම හා විසඳුම් යෝජනා කිරීමේ  දී තත්ත්ව කවයක් සැලකිල්ලට ගත කරුණු

 අන් අයගේ බලපෑම් වලින් තොරව ස්වෙච්ජාවෙන් ම ක්‍රියාත්මක කරන පිරිසක් කවය තුල සිටිය යුතුයි.සැමවිටම තමන් මුලික ම පුද්ගලයා ලෙස දත්තයන් එක්රැස් කිරීම විශ්ලේෂණය කිරීම ආදියට කණ්ඩායමේ සියලු දෙන තුල අභිප්‍රේරණයක් තිබිය යුතුයි. කයිසන් යෝජනා, ඩේමින් චක්‍රය වැනි විවිධ ක්‍රමවේද යොදාගනිමින් ගැටළු සඳහා නොනවත්වා වැඩි දියුණු කරමින් පිළිතුරු සොයාගත යුතුය. එමගින් අනාගතයේ ඇතිවන ගැටළු සඳහා ද කලින් ම සුදානම් වී පිළිතුරු ලබාදිය හැකියි. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු සම්බන්ධව ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සකස් කර තිබු වැඩ සටහනක් ඇසුරින් සකස් කළ වීඩියෝ ක්ලිප් එකක් පහතින් දක්වා ඇත.

ක්‍රමික වර්ධනයකට ඉවහල්වන වැදගත් වූ සංකල්පයක්  ලෙස “Kaizen” සංකල්පය හැදින්විය හැකිය. මෙයත් ජපානය මූලිකව බිහිවූ එක්තරා ඵලදායිතා සංකල්පයක් වේ.Kaizen යන පදය කොටස් දෙකකින් යුක්තයි. Kai යන්නෙන් අදහස් වනුයේ වෙනස්විමයි.Zen යන්නෙන් අදහස් වනුයේ වඩා යහපත් යන්නයි. එවිට Kaizen කියනුයේ වඩා යහපත් වෙනසක් සිදුවීමයි.  නමුත් සිදුවන වෙනස මගින් පුද්ගලික වශයෙන් හෝ ආයතනික වශයෙන් හොද ප්‍රතිථල ලැබෙනවා නම් එසේත් නැතිනම් එය නොකඩවා දියුණුවට ඉවහල් වනුයේ නම් එවැනි වෙනසකට Kaizen යැයි කිව හැකියි. යම් සේවා ස්ථානයක හෝ ව්‍යාපාරයක Kaizen ක්‍රියාත්මක කිරීම යනු ඉහල මට්ටමේ කළමනාකාරීත්වයේ සිට පහළ සිටින සේවකයා දක්වාම සියලුම දෙනා සහභාගී වන අඛණ්ඩ වර්ධන ක්‍රියාදාමයක් ලෙස හැදින්විය හැකිය.  Kaizen සංකල්පය හොදින් වටහා ගැනීමේදී නව්‍යකරණය යන පදය හදුනාගැනිම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වේ. කාලයත් සමග සිදුවන සුලු සුලු වෙනස්වීම් Kaizen  ලෙසද කාලයත් සමග සිදුවන විශාල වෙනස්විම් නව්‍යකරණය ලෙසද හැදින්විය හැකිය. කුඩා වැඩි දියුණුකිරිම් Kaizen වලදී සැලකිල්ලට ගැනේ. නමුත් නව්‍යකරණයේ දී විශාල වැඩි දියුණුවක් එනම් විශාල පිම්මක් පැනීමට සිදුවේ. එම නිසා නව්‍යකරණය කිරිම අප සැමටම අපහසුයි. නමුත් වයස,අධ්‍යාපන මට්ටම,ආර්ථික මට්ටම ආදියකින් තොරව අපි හැමෝටම ඉතා පහසුවෙන් Kaizen ක්‍රියාත්මක කළ හැකිය. මේ පිළිබඳව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය නිකුත් කල වාර්තා ඇසුරින් සකස් කළ වීඩියෝ ක්ලිප් එකක් පහත දක්වා ඇත.


ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙම කයිසෙන් සංකල්පය තුලින් සීග්‍ර සංවර්ධනයක් කරා පියමං කර ඇති මෙවන් යුගයක ශ්‍රී ලාංකික අපත් අපේ පුද්ගලික ජීවියතටත් අපගේ පවුලටත් අප සේවය කරන ආයතනයටත් මෙම අගනා සංකල්පය මුසුකර ගැනීමෙන් අනාගතයේ දී ආසියාවේ දිදුලන රාජ්‍යයක සිහිනය සැබෑ කරගැනීම අපට එතරම් දුෂ්කර අභියෝගයක් නොවනු ඇත. 

හරිත ඵලදායිතාව සමස්ථ සමාජ හා ආර්ථික ප්‍රගමනය උදෙසා ඵලදායිතාව හා පාරිසරික කාර්ය සාධනය ඔප නන්වන උපාය මාර්ගයකි. ඵලදායිතාව හා පාරිසරික කළමනාකරණ මෙවලම්,ශිල්ප ක්‍රමතාක්ෂණය අවශ්‍ය පරිදි යොදා ගැනීමෙන් යම් සංවිධාන ව්‍යුහයක ක්‍රියාකාරකම්නිෂ්පාදන හා සේවා තුලින් ජනිත වන පාරිසරික බලපෑම අවම කිරීමට හරිත ඵලදායිතාව සමත් වේ. හරිත ඵලදායිතාව ගැන ජාතික ඵලද්‍රයිතා ලේකම් කාර්යාලය විසින් සකස් කර තිබු අධ්‍යන සටහන් ඇසුරින් සකස් කළ වීඩියෝ ක්ලිප් එකක් පහත දක්වා ඇත.