*


ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් හොරොව්පොතාන අඹගහවැව රජමහා විහාරයට වැඩමවයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ නමක් අද ( 2019 ජනවාරී 09 ) උදෑසන හොරොව්පොතාන අඹගහවැව පුරාණ රජ මහා විහාරයට වැඩම වීය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මෙම පුන්‍ය කාර්යය සිදුකෙරිණි. අඹගහවැව රජමහා විහාරයේ විහාරාධිපති හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක, අඹගහවැව ඉන්ද්‍රජෝති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ශ්‍රී මහා බෝධී අංකුර වහන්සේ අඹගහවැව විහාරස්ථානයට පූජා කෙරිණි. අනුරාධපුර මහා දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.මෙම අවස්ථාවේ ඡයාරූප පෙළ ගැස්ම පහතින් දක්වා ඇත.
                 ත්‍රස්ත තර්ජන වලට පවා නිරන්තර මුහුණ දෙමින් පුරාණ විහාරය ආරක්ෂා කිරීමට වෙහෙස වූ අඹගහවැව ජනතාව මෙම ශ්‍රී මහා බෝධි අංකුර වහන්ස  වැඩමවීම පිළිබදව ඉමහත් ප්‍රසාදයකින් පසුවේ. මීට වසරකට පෙර සංවර්ධනය කිරීමට ආරම්භ කළ අඹගහවැව විහාරස්ථානයේ චෛත්‍යය ද අලුත් වැඩියා කෙරෙමින් පවතී. දිසාපතිතුමාගේ සම්බන්ධීකරණයෙන් එම අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි.





















ෂෙල්ටන් බණ්ඩාර, රජයේ ප්‍රවෘත්ති නිලධාරි, අනුරාධපුරය.