*


ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් හොරොව්පොතාන අඹගහවැව රජමහා විහාරයට වැඩමවයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුර වහන්සේ නමක් අද ( 2019 ජනවාරී 09 ) උදෑසන හොරොව්පොතාන අඹගහවැව පුරාණ රජ මහා විහාරයට වැඩම වීය. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් මෙම පුන්‍ය කාර්යය සිදුකෙරිණි. අඹගහවැව රජමහා විහාරයේ විහාරාධිපති හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක, අඹගහවැව ඉන්ද්‍රජෝති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ශ්‍රී මහා බෝධී අංකුර වහන්සේ අඹගහවැව විහාරස්ථානයට පූජා කෙරිණි. අනුරාධපුර මහා දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.මෙම අවස්ථාවේ ඡයාරූප පෙළ ගැස්ම පහතින් දක්වා ඇත.
                 ත්‍රස්ත තර්ජන වලට පවා නිරන්තර මුහුණ දෙමින් පුරාණ විහාරය ආරක්ෂා කිරීමට වෙහෙස වූ අඹගහවැව ජනතාව මෙම ශ්‍රී මහා බෝධි අංකුර වහන්ස  වැඩමවීම පිළිබදව ඉමහත් ප්‍රසාදයකින් පසුවේ. මීට වසරකට පෙර සංවර්ධනය කිරීමට ආරම්භ කළ අඹගහවැව විහාරස්ථානයේ චෛත්‍යය ද අලුත් වැඩියා කෙරෙමින් පවතී. දිසාපතිතුමාගේ සම්බන්ධීකරණයෙන් එම අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි.





2019 ජනවාරි 05 උදෑසන දානමය පින්කම

2019 ජනවාරි 04 දින සර්වරාත්‍රික පිරිත් පිංකමට පසු දින උදෑසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පැවති දානමය පින්කමෙහි ඡායාරූප පෙළ ගැස්ම.........



2019 වසර ආරම්භයේ පිරිත් පින්කම

2019 ජනවාරී 04 දින  පැවති සර්වරාත්‍රික පිරිත් පින්කමෙහි ඡායාරූප පෙළ ගැස්ම...........


2019 වසර ආරම්භය

නව අවුරුදු උදාව සැමරීම කාගේත් උනන්දුව ඔස්සේ උදෑසන සිදු විය. දිසාපතිතුමා හා අතිරේක දිසාපතිවරුන්,අනෙකුත් මාණ්ඩලික නිළධාරින්, ඇතුලත් සියලු සේවකයින් මන බඳනා ලීලයෙන් නැවුම්ව සිටින දිනයන් අතර වසරේ ආරම්භක දිනය ප්‍රමුඛ උදාර දිනයකි.සියල්ල කරන්නට ඉඩ දී  ඒ කෙරේ කාටත් නොදැනෙන ලෙස පතුලට කිමිද අවධානය දෙන දිසාපතිතුමා, කෙනෙකුට අමුතුය. තව අයට සොඳුරුය තව අයට දිමුතුය. ඒ සිතුම් එක් එක් මනු සිත් හි මට්ටම්, මානයන් අනුව සිදුවේ.

පිරුණු මල් වට්ටිය දිසාපතිතුමාගේ දෝත මතය.සියලු සේවකයෝ එයට අත ගැසූ පසු ප්‍රතාපවත් නුග රුක් හි පාමුල පිහිටා ඇති ශාන්ත බුදු රුව අභියස තැන්පත් කළේ, දිසාපති ආර්.එම්.වන්නිනායක මහතා විසිනි. සේවකයන් පිරිවරා පහන් දැල්වූයේ ඉන් අනතුරුවයි. නව වසරේ අනෙක් සිහින ගැන, ඒවා සැබෑ කර ගන්නා සැටි පහන් දල්වන මොහොතේ සෑම දෙනාගේම සිතට ගන්නට ඇත. උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබිණි. නාහිමි කළ අනුශාසනයෙන් කියවුනේ රාජ්‍ය සේවකයාගේ චිත්ත ප්‍රීතිය රැඳී තිබෙන්නට නම් ජනතාශ්‍රය හරහා ජනී ජනයා තමාගෙන් බලාපොරොත්තු වන සේවාව රාජ්‍ය සේවකයා විසින් මනාව සිදු කළ යුතු බවයි. උතුම් වන්නේ මුදල් නොව සේවයයි. මතකයට නඟමින් මියෙන තුරු තෘප්ත විය හැක්කේ මුදලින් නොව කළ සේවයේ තරම සිහිගන්වමින් බව උන්වහන්සේ අවධාරණය කළහ. සංවර්ධනාභිමුක ගමනක යන්නට සහය දක්වන්නට රුචි රාජ්‍ය සේවකයින්ට මෙය තව තවත් උත්තේජනයකි. තම සේවයේ දිග පළල නොදන්නා හරසුන් සේවකයින්ට සිය මානසිකත්වය ධනාත්මක කර ගැනීමට පූර්වාදර්ශයකි.

කච්චේරියේ බොහෝ හදවත් සෞන්දර්ය මානය ස්පර්ශ කිරීමෙන් ඔබ්බට ගොස් එහි කිමිදෙන්නට ප්‍රිය කර ය.“සංජනනී” නමින් පසුගිය වසරේ කළ සෞන්දර්යාත්මක වැඩසටහන පමණක් සිහි කිරීමෙන්  ඒ බව ඔප්පු වේ.කච්චේරියේ නිලධාරින් සදහා පැවති එම ගීත ගායනා තරගාවලියේ දී ජය පැතූවන්ගේ ජය ලැබූ අය ඒ ජයග්‍රාහී ගීත නව වසරේ ආරම්භයේ දී ගායනා කිරීම, නව වසර ආන්දෝලනාත්මකව අරඹන්නට රුකුලක් සැපයීය.

අනුරාධපුර පුන්‍ය භූමිය තුළ සේවය කරන්නට ලැබීම කාගෙත් භාග්‍යකි. ඒ බව දිසාපතිතුමා නිතර කියයි. පෙර පින නිසා ලැබෙන අවස්ථාවක් සේ එතුමා එය දකී. එමෙන්ම මේ භාවය කළ සිට පුරවා ගන්නට ද තෝතැන්නකි, අනුරාධපුර ය. සුපුරුදු ලෙස අටමස්ථානය ඇතුළු පන්සල් වෙත ගොස් නායක මා හිමිපාණන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමද  දිසාපතිතුමා විසින් සිරිත් පරිදි සිදු කරන කටයුත්තකි. ඒ සමඟ අපට සතුටුව යත හැකි නිසා වසරේ කටයුතු සඳහා නැවුම් උත්තේජනයක් අපට ද ලැබේ. මෙදින සිදුවීම් මාලාවට අදාල ඡායාරූප පෙළගැස්ම පහතින් දක්වා ඇත.






අද 2018 ඔක්තෝබර් 03 වෙනි දා

අද 2018 ඔක්තෝබර් 03 වෙනි දා ... දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපට අද විශේෂ දිනයක්, හැමෝගෙම මුහුණුවළ උනන්දුවක් වගේ ම බලාපොරොත්තුවකුත් තියෙනවා .... අද දිනයේ විශේෂත්වය තමයි , ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විනිශ්චයට අද අප මුහුණදීම, එහි ආරම්භක අවස්ථාවට අදාල ඡායාරූප කීපයකට යොමු වෙමු.
දිසාපතිතුමාගේ ඇරයුමින් අතිරේක දිසාපති (ඉඩම් ) කීර්ති ගමගේ මහතා  අනුරාධපුර ඓතිහාසික වැදගත්කම හා අප ආ ගමන් මග පැහැදිලි කළ අතර එම අවස්තාවේ ඡයාරූප කීපයකට යොමු වෙමු.

වෙනදා දහවල් 12.30 ට තියෙන කව ව්‍යාපෘති වැඩමුළුවත් පෙ.ව.09.30 ට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විද්වත් සභාවේ විනිශ්චය සඳහා ........... අද කව ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරන්නේ  ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ශක්ති තත්ත්ව කවය, අපි ඒ සඳහා යොමු වෙමු.
හඳුනා ගත් ගැටළුව

හිමිකම් පිඹුර ඔප්පු පිටපත් නිකුත් කිරිමට වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් යෙදවිමට සිදුවිම හා මෙම ඔප්පු නව ලියාපදිංචිය සඳහා නැවත නැවත ලබාදිමට සිදුවීම.
හඳුනා ගත් විසඳුම
Microsoft Excel මෘදු කාංගය භාවිතා කර විස්තර පරිගණක ගත කිරිම.
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත


පස්වරුවේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විද්වත් මංඩලය විසින් අපේ කාර්යාලයේ සෑම අංශයක් ම තියුණු පරීක්ෂාවකට ලක් කල අතර, එම අවස්ථාවන්ට අදාල ඡයාරූප පෙළ ගැස්ම.



ප්‍රමිත තත්ත්ව කව ව්‍යාපෘති 2


2018.10.01  දින ඉදිරිපත් කල ව්‍යාපෘතිය පිළිබඳ විස්තර

ප්‍රමිත ඵලදායීතා තත්ත්ව කවය විසින් ඉදිරිපත් කළ යෝජනාව
හඳුනා ගත් ගැටළුව
වාර්තා සැකසීමේ දී පවතින ගැටළු නිරාකරණය කර ගැනීම

හඳුනා ගත් විසඳුම
WEBBASE APPLICATION
මෙම විසඳුම් පැහැදිලි කිරීම  සඳහා එම අංශය විසින් ඉදිරිපත් කල තොරතුරු ඇතුලත් Power Point වැඩ සටහන පහත වීඩියෝ ක්ලිප් එකට ඇතුලත් කර සංරක්ෂණය කර ඇත.