*


ඵලදායිතා පුවත් 2019


අත්දැකීම් හුවමාරු වැඩසටහන 2019
උරුමයන් සුරක්ෂිත තිරසර සංවර්ධනයක්, ප්‍රශස්ථ රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාත්මක රාජ්‍ය ස්වා ආයතනයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිබඳව කැප වී සිටී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන අතුරින් ඵලදායිතා සංකල්ප මුල් කරගත් ආයතන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගෞරවයට පාත්‍ර වී ඇත.

2018 වසරේ ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ දී රාජ්‍ය අංශයේ දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගැනීම සුවිශේෂ අවස්ථාවකි. දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සෙසු ආයතන සඳහා ද ඵලදායිතා සංකල්ප පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා සහයෝගීතාව ඇතිවීමට අප ආයතනය සූදානම් බව දන්වන්නනේ හදපිරි සතුටිනි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ක්‍රියාත්මක තත්ත්ව කව සංකල්පය මුල් කර ගනිමින් සියලු  අංශ නියොජනය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාවලි වැඩි දියුණුව පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ඔබ අප සමඟ එක් වන්නේ නම් ඒ සඳහා අපව සම්බන්ධ කර ගත හැකි අයදුම්පත පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.